සයිබර් ත්‍රස්තවාදයේ මීළඟ ගොදුර ඔබද?

collage-2015-11-09

මිනිස්සු විදිහට අපි හැමෝම අතින් වැරදි සිද්ධ වෙනව. අපි හැමෝම ජීවිතේ මෝඩකම් කරල තියෙනව. පස්සේ මතක් කරන්නවත් අකමැති අතපසු වීම් වෙලා තියෙනව. අපි කරල තියෙන සමහර දේවල් අමතක කරන්න, අනිත් අයගෙන් හංගන්න අපි හැම උත්සාහයක්ම ගන්නව, මොකද ඒවා ඒතරම්ම ලජ්ජාව දනවන දේවල් නිසා. මේවයින් සමහර වැරදි කලේ දැනුවත්වම. සමහර වැරදි කලේ නොදැනුවත්කම නිසා. පස්සේ කාලෙකදියි තේරුම් යන්නේ කරපු දේවල් වල හරි වැරැද්ද.

වැරදි නොකරපු, අතපසුවීම් නොකරපු, මෝඩකම් නොකරපු මනුස්සයෙක් ඉන්නවද?

ඔබ නව යොවුන් වියේ කරපු ඔබ වඩාත්ම පසුතැවිලි වෙන සිද්ධිය සිහියට ගන්න. එහෙම නැත්නම් ඔබ ඔබේ මව, පියා, සහෝදරයා/සහෝදරිය හරි පෙම්වතිය එක්ක හරි අඬදබර වුන සිද්ධියක්, යාලුවෝ එක්ක එකතු වෙලා පිස්සු නටපු වෙලාවක්… ඔබ සියල්ලන්ගෙන් සඟවන්න උත්සාහ කරන, ඔබට මනුස්සයෙක් විදිහට වැරදුන ඒ මොහොත මුළු සමාජයක් ඉදිරියේ හෙළි වෙලා ඔබව සමාජයේම හාස්‍යයට, උපහාසයට, වෛරයට, විවේචනයට, විනිශ්‍චයට ලක් වුනා නම් ඔබට කොහොම හැඟීමක් ඇති වෙයිද?

———————————————————————————————–

ඉතිහාසයේ පළවෙනි වතාවට මිනිස්සු තොරතුරු තාක්ෂණය අතින්, සන්නිවේදනය අතින් අතිශය දියුණු තත්වයකට ඇවිත්. සැතපුම් දහස් ගාණක් ඈතින් ඉන්න ලක්ෂ ගාණක් මිනිස්සු එක මොහොතින් එක් රැස් වෙන විශ්ව ගම්මානයක් බවට පත් වෙච්චි යුගයකට ඇවිත්. සැබෑ ලෝකය සහ ඩිජිටල් ලෝකය නමැති ලෝක දෙකක් තුළ මාරුවෙන් මාරුවට ජීවත් වෙන මිනිස්සු සීමා සහිත සැබෑ ජීවිතයේ නැති අසීමිත නිදහසක් සීමා රහිත ඩිජිටල් ලෝකයක් තුළ භුක්ති විඳින්න පටන් අරන්.

සීමා රහිත ඩිජිටල් ලෝකයක සීමා රහිත නිදහසක් භුක්ති විඳින ගමන් ඔවුන් ඩිජිටල් ලෝකයක් තුළ වැරදි  කරන්න අරගෙන. ඒ වැරදි කැමරා, ජනමාධ්‍යය, සමාජ ජාලා ඔස්සේ රූපමය විදිහට, හඬපට විදිහට, ඡායාරූප විදිහට, වචන විදිහට සයිබර්ගත වෙන්න අරගෙන.

ඒ අවකාශය තුළම කල්ලි ලෙස සංවිධානය වෙමින් ඒ වැරදි වලට දඬුවම් දෙන්න පටන් අරගෙන.

ඒ සියලුම දේවල් බොහෝ විට නැති කරන්න බැරි, වෙනස් කරන්න බැරි දත්ත විදිහට ගබඩාවෙන්න අරගෙන.

සමාජය විසින් සභ්‍යත්වය සහ ශිෂ්ඨත්වය කියන බැමි වලින් බැඳල තියෙන සැබෑ ජීවිතයේදී එළියට දාන්න බැරි අදහස් සයිබරය නම් වර්චුවල් රියැලටියේදී කිසිම බයක් සැකක් නැතුව නිදහස් කරල දාන්න මේ දෙපිරිසම පෙළඹිලා.

සැබෑ ජීවිතයේදී දැඩිලෙස විවේචනයට ලක් වෙන හැසිරීම් වල කිසිම බයක් සැකක් නැතුව සයිබරයේදී නිරත වෙන්නෙ ඒ අනුවයි.

සැබෑ ජීවිතයේදී එළියට දාන්න බැරි ආගම, වර්ගය, ලිංගිකත්වය වැනි දේ මත පදනම් වුන වෛරී අදහස් එළියට දාන්න සයිබරය තෝතැන්නක් කරගෙන. තමාගේ ඒ හිර වුන අසහනය මුදා හැරීමේ අරමුණින් මොබ් විදිහට කල්ලි ගැහිලා වර්චුවල් රියැලටියක් තුල අසස්සක් මුල්ලක් නෑර මිනිස් ගොදුරු හොය හොය සැරිසරන්න පටන් අරගෙන.

තමාගේ ජීවිතයේ සිද්ධ වුන වැරැද්දක්, අතපසුවීමක්, මෝඩකමක්, අවාසනාවන්ත සිද්ධියක් සිය කැමැත්තෙන් හරි නොදැනුවත්වම හරි සයිබයෙන් කෙළවර වුන ඒ වැරැද්දේ උරුමක්කාරයා හොය හොය යන්නේ වෘකයෙක් ගොදුරක් හොයා යනවා වගේ.

මහ පොළවෙදි කෙනෙක්ගේ මුහුණට කියන්න බැරුව හිර කරගෙන ඉන්න දේවල් වර්චුවල් රියැලටිය යොදාගෙන ඔවුන් නිදහස් කරගන්නවා. විශේෂයෙන්ම නළු නිළියන්, සැබෑ ජීවිතයේදී තමාගෙන් දුරස් වූ සමාජයේ කැපි පෙනන චරිත වටා රොක් වෙමින් සයිබරයේදී රිසි සේ තම සිතැඟි ඉෂ්ඨ කරගන්නවා.

කාලයකට පෙර තරුණ පිරිස් කණ්ඩායම් විදිහට හවසට ගමේ බෝක්කුවක් ළඟ එක් රැස් වෙලා එතැන පසුකර යන මිනිස්සුන්ට, කාන්තාවන්ට, තරුණියන්ට උසුළු විසුළු කලා වගේම ඒ අවශ්‍යතාවයම අද සමහර පිරිස් හවසට සයිබර් බෝක්කුවක කල්ලි ගැසී සිදු කරගන්නවා.

නමුත් සයිබර් බෝක්කුවෙන් මිනිස් ජීවිත වලට ඇතිකරන බලපෑම ලේසියෙන් නැති වෙලා යන එකක් නෙමේ.

සයිබරයේදී අදාල තැනැත්තා/තැනැත්තිය පීඩනයට පත් වෙන්නේ මුළු සමාජයක් ඉදිරියේ. ඔවුන් මුහුණ දෙන දේ දත්ත වශයෙන් ගබඩා වෙනවා. බොහෝ විට ජීවිත කාලයකටම. සයිබරයේ උසුළු විසුළු කරමින් ගන්නා සතුට මේ වෘක කල්ලි වලට තාවකාලික වුනත් පීඩනයට පත් වන පුද්ගලාගේ සැබෑ ජීවිතයට ඉන් ඇතිවන්නේ සුළුපටු බලපෑමක් නෙමේ.

———————————————————————————————–

collage

පසුගිය වසරේදී මුහුණු පොතේ සිය ඡායාරූපයක් පල වූ වරදට(?) තමාගේ පාසැලේ විදුහල්පතිතුමා විසින් මුළු පාසැල ඉදිරියේම ප්‍රසිද්ධියේ අපහාස කරල දඬුවම් කිරීම නිසා ඇති වුන ලැජ්ජාව සහ සිත් තැවුල හේතුවෙන් සියදිවි හානිකරගත් අහිංසක පාසැල් ශිෂ්‍යාව වෙනූෂා පිළිබඳ මතකය මෙතනදි අවධි කරන්න කැමතියි. ඒ අවස්ථාවේදී ඒ අසරණ දැරියට සිදුකල අසාධාරණය වෙනුවෙන් විදුහල්පති තුමාට එරෙහිව සමාජජාලා වල ක්‍රියාකාරීන් මහා හඬක් නැඟූබවද ඔබට මතක ඇති.

අහිංසක වෙනූෂාව ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කරපු, ඇයට අපහාස කරපු විදුහල්පතිට විරුද්ධ වුන ඒ සයිබරයේම, ඒ සයිබර් ක්‍රියාකාරීන්ම මිනිස් ගොදුරු අල්ලාගෙන සයිබරය නම් වේදිකාවට නග්ගල.. සමාජයම ඉදිරියේ ලැජ්ජාවට පත් කරල, අපහාස කරල, මිනිස් හප බවට පත් කරන එක සැබෑම උත්ප්‍රාසයක් නෙමේද? සැබෑම කුහක කමක් නෙමේද?

ඔවුන් සහ ඒ නරුම විදුහල්පතිගේ හැසිරීම වෙනස් වන්නේ කුමකින් ද?

සයිබර් කල්ලි වල උසුළු විසුළු සහ අපහාස නිසා දිවිතොරගත් වෙනූෂාලා ගැන විදෙස් රටවලින්
දැනටමත් වාර්තා වෙලා තියෙද්දි අපේ හැසිරීම් ගැන සහ අපේ හැසිරීම් වෙනත් මිනිස් ජීවිත වලට එල්ල කරන බලපෑම් ගැන මීට වඩා සෑහෙන වගකීමකින් කටයුතු කල යුතුයි.

සයිබරයේදී කල්ලි ගැහෙමින් අනිත් මිනිස්සුන්ව අපහාසයට ලක් කිරීම, ලජ්ජාවට පත් කිරීම විනෝදාංශයක් කරගත්, ඒත් හිතන්නට සිහි බුද්ධියක් තවමත් ඉතිරි වෙලා තියෙන අය තමාගේ ක්‍රියාකලාපය ගැන වරක් දෙවරක් නෙමේ සියවරක් සිතාබලන්න ඕනෙ.

මොකද තමාගේ පහත් වින්දනයේ මිල කවදා හරි අහිංසක මිනිස් ජීවිතකට ගෙවන්න සිද්ද වීමේ ඉඩක් තියෙන නිසා.

ඒවගේම තමාගේ හැසිරීම් නිසා අනිත් අයගේ ජීවිත වලට වෙන බලපෑමේ හරි වැරැද්ද ගැන සිතා බලන්න බුද්ධිය මුහුකුරා නොගිය මන්ද බුද්ධිකයන්ගේ මේ සයිබර් කල්ලිවාදයට එරෙහිව සියලුම සයිබර් ක්‍රියාකාරීන් පෙළ ගැසිය යුතුයි.

එහෙම නැතිනම් සයිබර් ක්‍රියාකාරීන් වෙච්චි අපට වෙන්නෙ මේ කාලකණ්ණි විනෝදය නිසා ආයේ නිවැරදි කරන්න බැති වැරැද්දක් වුනයින් පස්සෙ ඒ ගැන කවි, රචනා, සටහන් ලියන්න.

අශ්වයා පැනගියයින් පසු සේදලය වසා පලක් නැහැ.

එනිසා සයිබරය නැමති දැලි පිහියෙන් සෙල්ලම් කරන මෙම වඳුරන්ට එරෙහිවීමේ වැදගත්කම පරක්කු වෙන්න කලින් සියල්ලන් තේරුම් ගත යුතුයි.

Advertisements

බුදු අම්මෝ මෙන්න ටීවී එකේ ගණිකාවක් !

බුදුන් තෙවරක් වැඩිය, පොඩි උන්ව දූෂණය කරලා මරන, පොඩි උන්ව කෑලි කෑලි වලට කපලා මරන, කෝච්චියට හැප්පුන එකාගේ පර්ස් එකටත් කෙළින්න හදන, දළදාව වටේ රේස් පදින, හදිසි අනතුරක් වුනාම වාහන ගිණි තියලා ඩ්‍රයිවර්ගේ අඬු කඩන, පන්සල් පල්ලි වල ළමයින්ව අපයෝජනය කරන, තුන්සිය හැටපස් දවසෙම කණ පැලෙන්න ලවුඩ්ස්පීකර් වලින් බණ අහන ගමන් බුදුන්ගේ නාමයෙන් මිනීමරන මේ පුණ්‍ය භූමියේ..

ටීවී එකේ ගණිකාවක් යකෝ !

අම්මෝ මගෙ ඇස් දෙක !!! 

මුංගේ වේස රස්සාවට නීතියෙන් මීට වඩා පිළිගැනීමක් ඕනෑලු. සමාජයෙන් පිළිගැනීමක් ඕනෑලු. උන්ගේ දරුවන්ට පිළිගැනීමක් ඕනෑලු.

මුංට ප්‍රශ්න තියෙනවලු. ඒවාට විසඳුම් ඕනෑලු. ඒ මදිවට මුංට අයිතිවාසකම් තියෙනවලු (හුකෑස්). ඒ අයිතිවාසකම් ඕනෑලු

අනේ බොල ගොං වැස්සියේ, උඹලට කොහෙද මේ රටේ අයිතිවාසකම්?

පහුගිය දවස් වල දැක්කනේ අපරාධකාරයෝ කියල සැකපිට අත් අඩංගුවට ගන්න උන්ට අපේ රටේ නීතිය රකින්න බැඳිලා ඉන්න පොලිසියයි අපේම සමාජයයි සලකපු හැටි. 

එහෙමයි යකෝ අපි අපරාධකාරයින් කියල ඔප්පු නොවුන සැකකාරයින්ටත්  සලකන්නේ. 

අපරාධකාරයින් තියා සැකකාරයිටවත් නැති මානුෂීය අයිතීන් ගණිකාවන්ට කොහෙන්ද යකෝ?

ගණිකාවන්ට කොහෙද අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක්?

මේ වගේ පට්ට බැල්ලියන්ට කතා කරන්න ඉඩක් හදල දීපු මාධ්‍ය බල්ලන්ට එළෝ එළෝ ගහන්න ඕනා. දැඩි ලෙස විරුද්ධත්වය පළ කරන්න ඕන. ඔව්. 

මෙච්චර කල් කොච්චර ලස්සනට වැඩකටයුතු කරගෙන ගියාද මේ මාධ්‍යය මහත්තුරු.

මෙච්චර කල් ටීවී එකේ ඉඩ දුන්නේ බිලියන ගණනින් ජනතා මුදල් වංචා කරන, කුඩු කන්ටේනර් ගණන් ගේන, වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියන්න නියෝග දුන්න, ගුරුවරු දණ ගස්සපු, මිනිස්සු ගස් බැඳපු අපේ ශිෂ්ඨ දේශපාලක මහත්තුරුන්ට විතරයි.

අපිත් ඒ සාකච්ඡා, කුලල් කාගැනිලි බලං හිටියෙ කොච්චර ආසාවෙන්ද?

ඒ දේශපාලකයින්ට දෙන අයිතිය කොහොමද යකෝ මාධ්‍ය බල්ලො මේ පට්ට බැල්ලියන්ට දුන්නේ?

අම්ම අප්ප විකුණල හරි සල්ලි හම්බකරන්න හදන කාලකණ්ණි හැත්ත.

මෙහෙම ගියොත් හෙට ඉඳල කොලුකාරයොයි, ආප්පකාරියොයි ගෙනල්ලා මාධ්‍ය සාකච්ඡා තියයි. 

අපි අපේ රටේ පාරිශුද්ධ, නිකැලැල්, පරම පිවිතුරු සංස්කෘතිය මෙච්චර කල් රැකගෙන ආවේ කොච්චර අමාරුවෙන්ද? මේ ගණිකාවන්ට අපේ ආගම, දහම, සංස්කෘතියට කෙළවන්න දෙන්න බෑ. 

අර කවුද කිව්ව වගේ බඩු ගහන්න ඕනේ නම් ඕන අය හොරෙන් ගිහින් බඩු ගහන එක වරදක් නෑ. හාමුදුරුවන්ට මස් කන්න නියම කරල තියෙන ක්‍රමේට.

ඒත් හැංගි හැංගි කරන්න ඕන ඒවා ගැන මෙහෙම ප්‍රසිද්ධියේ කතා කලාම අපේ සමාජීය හෘද සාක්ෂියට කොච්චර නං ඌයියා වෙනවද මං අහන්නෙ? ඒක තේරෙන්නෙ නැද්ද මුංට?

අපේ සමාජයේම මිනිස්සු කොටසකගේ අවශ්‍යතා ඉටු කරන ගමන් ඒකට මුදලක්  අය කරන ගණිකාවෝ කියල ජාතියක් ඇත්තටම ඉන්නව කියල උන්ව ටීවී එකේ පෙන්නල අපිට මෙහෙම මතක් කරනවද මං අහන්නෙ?

එහෙම මිනිස්සු කොටසක් ඉන්නව කියල, උන්ටත් අපිට වගේම ප්‍රශ්න තියෙනව කියල, උන්ටත් අපිට වගේම අයිතිවාසකම් තියෙනව කියල, උනුත් අපි වගේම ඇට,මස්, ලේ, නහර වලින් හැදුන මිනිස්සු කියල අපි අමතක කරල ඉන්නෙ කොච්චර අමාරුවෙන්ද? 

අපි කොච්චර අමාරුවෙන්ද ඇහැ වහලා අහක බලාන ඉන්නෙ. එහෙම කට්ටියක් නෑ කියල හිතාගෙන.?

අපේ නැති සභ්‍යත්වයක් තියෙනව කියල අපි හිතාගෙන ඉන්නේ මේවා හොර රහසෙ කෙරෙනකං නෙ. එළිපිට මේව ගැන කතා කරන්න ගත්තම අපි දරාගන්නෙ කොහොමද?

අපේ සංස්කෘතික ෆැන්ටසි වලට කෙළින්න එපා යකුනේ. ආතල් කුඩු කරන්න එපා !

ගණිකාවන්ව ටීවී එකේ පෙන්නලා අපේ සිල් බිඳින්න එපා !

මෙහෙම ගියොත් අපිට වෙන්නේ සුද්දාගේ ආච්චිව ඇඳෙන් බස්සලා සුද්දගේ දුව එක්ක නිදාගන්න.