සයිබර් ත්‍රස්තවාදයේ මීළඟ ගොදුර ඔබද?

collage-2015-11-09

මිනිස්සු විදිහට අපි හැමෝම අතින් වැරදි සිද්ධ වෙනව. අපි හැමෝම ජීවිතේ මෝඩකම් කරල තියෙනව. පස්සේ මතක් කරන්නවත් අකමැති අතපසු වීම් වෙලා තියෙනව. අපි කරල තියෙන සමහර දේවල් අමතක කරන්න, අනිත් අයගෙන් හංගන්න අපි හැම උත්සාහයක්ම ගන්නව, මොකද ඒවා ඒතරම්ම ලජ්ජාව දනවන දේවල් නිසා. මේවයින් සමහර වැරදි කලේ දැනුවත්වම. සමහර වැරදි කලේ නොදැනුවත්කම නිසා. පස්සේ කාලෙකදියි තේරුම් යන්නේ කරපු දේවල් වල හරි වැරැද්ද.

වැරදි නොකරපු, අතපසුවීම් නොකරපු, මෝඩකම් නොකරපු මනුස්සයෙක් ඉන්නවද?

ඔබ නව යොවුන් වියේ කරපු ඔබ වඩාත්ම පසුතැවිලි වෙන සිද්ධිය සිහියට ගන්න. එහෙම නැත්නම් ඔබ ඔබේ මව, පියා, සහෝදරයා/සහෝදරිය හරි පෙම්වතිය එක්ක හරි අඬදබර වුන සිද්ධියක්, යාලුවෝ එක්ක එකතු වෙලා පිස්සු නටපු වෙලාවක්… ඔබ සියල්ලන්ගෙන් සඟවන්න උත්සාහ කරන, ඔබට මනුස්සයෙක් විදිහට වැරදුන ඒ මොහොත මුළු සමාජයක් ඉදිරියේ හෙළි වෙලා ඔබව සමාජයේම හාස්‍යයට, උපහාසයට, වෛරයට, විවේචනයට, විනිශ්‍චයට ලක් වුනා නම් ඔබට කොහොම හැඟීමක් ඇති වෙයිද?

———————————————————————————————–

ඉතිහාසයේ පළවෙනි වතාවට මිනිස්සු තොරතුරු තාක්ෂණය අතින්, සන්නිවේදනය අතින් අතිශය දියුණු තත්වයකට ඇවිත්. සැතපුම් දහස් ගාණක් ඈතින් ඉන්න ලක්ෂ ගාණක් මිනිස්සු එක මොහොතින් එක් රැස් වෙන විශ්ව ගම්මානයක් බවට පත් වෙච්චි යුගයකට ඇවිත්. සැබෑ ලෝකය සහ ඩිජිටල් ලෝකය නමැති ලෝක දෙකක් තුළ මාරුවෙන් මාරුවට ජීවත් වෙන මිනිස්සු සීමා සහිත සැබෑ ජීවිතයේ නැති අසීමිත නිදහසක් සීමා රහිත ඩිජිටල් ලෝකයක් තුළ භුක්ති විඳින්න පටන් අරන්.

සීමා රහිත ඩිජිටල් ලෝකයක සීමා රහිත නිදහසක් භුක්ති විඳින ගමන් ඔවුන් ඩිජිටල් ලෝකයක් තුළ වැරදි  කරන්න අරගෙන. ඒ වැරදි කැමරා, ජනමාධ්‍යය, සමාජ ජාලා ඔස්සේ රූපමය විදිහට, හඬපට විදිහට, ඡායාරූප විදිහට, වචන විදිහට සයිබර්ගත වෙන්න අරගෙන.

ඒ අවකාශය තුළම කල්ලි ලෙස සංවිධානය වෙමින් ඒ වැරදි වලට දඬුවම් දෙන්න පටන් අරගෙන.

ඒ සියලුම දේවල් බොහෝ විට නැති කරන්න බැරි, වෙනස් කරන්න බැරි දත්ත විදිහට ගබඩාවෙන්න අරගෙන.

සමාජය විසින් සභ්‍යත්වය සහ ශිෂ්ඨත්වය කියන බැමි වලින් බැඳල තියෙන සැබෑ ජීවිතයේදී එළියට දාන්න බැරි අදහස් සයිබරය නම් වර්චුවල් රියැලටියේදී කිසිම බයක් සැකක් නැතුව නිදහස් කරල දාන්න මේ දෙපිරිසම පෙළඹිලා.

සැබෑ ජීවිතයේදී දැඩිලෙස විවේචනයට ලක් වෙන හැසිරීම් වල කිසිම බයක් සැකක් නැතුව සයිබරයේදී නිරත වෙන්නෙ ඒ අනුවයි.

සැබෑ ජීවිතයේදී එළියට දාන්න බැරි ආගම, වර්ගය, ලිංගිකත්වය වැනි දේ මත පදනම් වුන වෛරී අදහස් එළියට දාන්න සයිබරය තෝතැන්නක් කරගෙන. තමාගේ ඒ හිර වුන අසහනය මුදා හැරීමේ අරමුණින් මොබ් විදිහට කල්ලි ගැහිලා වර්චුවල් රියැලටියක් තුල අසස්සක් මුල්ලක් නෑර මිනිස් ගොදුරු හොය හොය සැරිසරන්න පටන් අරගෙන.

තමාගේ ජීවිතයේ සිද්ධ වුන වැරැද්දක්, අතපසුවීමක්, මෝඩකමක්, අවාසනාවන්ත සිද්ධියක් සිය කැමැත්තෙන් හරි නොදැනුවත්වම හරි සයිබයෙන් කෙළවර වුන ඒ වැරැද්දේ උරුමක්කාරයා හොය හොය යන්නේ වෘකයෙක් ගොදුරක් හොයා යනවා වගේ.

මහ පොළවෙදි කෙනෙක්ගේ මුහුණට කියන්න බැරුව හිර කරගෙන ඉන්න දේවල් වර්චුවල් රියැලටිය යොදාගෙන ඔවුන් නිදහස් කරගන්නවා. විශේෂයෙන්ම නළු නිළියන්, සැබෑ ජීවිතයේදී තමාගෙන් දුරස් වූ සමාජයේ කැපි පෙනන චරිත වටා රොක් වෙමින් සයිබරයේදී රිසි සේ තම සිතැඟි ඉෂ්ඨ කරගන්නවා.

කාලයකට පෙර තරුණ පිරිස් කණ්ඩායම් විදිහට හවසට ගමේ බෝක්කුවක් ළඟ එක් රැස් වෙලා එතැන පසුකර යන මිනිස්සුන්ට, කාන්තාවන්ට, තරුණියන්ට උසුළු විසුළු කලා වගේම ඒ අවශ්‍යතාවයම අද සමහර පිරිස් හවසට සයිබර් බෝක්කුවක කල්ලි ගැසී සිදු කරගන්නවා.

නමුත් සයිබර් බෝක්කුවෙන් මිනිස් ජීවිත වලට ඇතිකරන බලපෑම ලේසියෙන් නැති වෙලා යන එකක් නෙමේ.

සයිබරයේදී අදාල තැනැත්තා/තැනැත්තිය පීඩනයට පත් වෙන්නේ මුළු සමාජයක් ඉදිරියේ. ඔවුන් මුහුණ දෙන දේ දත්ත වශයෙන් ගබඩා වෙනවා. බොහෝ විට ජීවිත කාලයකටම. සයිබරයේ උසුළු විසුළු කරමින් ගන්නා සතුට මේ වෘක කල්ලි වලට තාවකාලික වුනත් පීඩනයට පත් වන පුද්ගලාගේ සැබෑ ජීවිතයට ඉන් ඇතිවන්නේ සුළුපටු බලපෑමක් නෙමේ.

———————————————————————————————–

collage

පසුගිය වසරේදී මුහුණු පොතේ සිය ඡායාරූපයක් පල වූ වරදට(?) තමාගේ පාසැලේ විදුහල්පතිතුමා විසින් මුළු පාසැල ඉදිරියේම ප්‍රසිද්ධියේ අපහාස කරල දඬුවම් කිරීම නිසා ඇති වුන ලැජ්ජාව සහ සිත් තැවුල හේතුවෙන් සියදිවි හානිකරගත් අහිංසක පාසැල් ශිෂ්‍යාව වෙනූෂා පිළිබඳ මතකය මෙතනදි අවධි කරන්න කැමතියි. ඒ අවස්ථාවේදී ඒ අසරණ දැරියට සිදුකල අසාධාරණය වෙනුවෙන් විදුහල්පති තුමාට එරෙහිව සමාජජාලා වල ක්‍රියාකාරීන් මහා හඬක් නැඟූබවද ඔබට මතක ඇති.

අහිංසක වෙනූෂාව ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කරපු, ඇයට අපහාස කරපු විදුහල්පතිට විරුද්ධ වුන ඒ සයිබරයේම, ඒ සයිබර් ක්‍රියාකාරීන්ම මිනිස් ගොදුරු අල්ලාගෙන සයිබරය නම් වේදිකාවට නග්ගල.. සමාජයම ඉදිරියේ ලැජ්ජාවට පත් කරල, අපහාස කරල, මිනිස් හප බවට පත් කරන එක සැබෑම උත්ප්‍රාසයක් නෙමේද? සැබෑම කුහක කමක් නෙමේද?

ඔවුන් සහ ඒ නරුම විදුහල්පතිගේ හැසිරීම වෙනස් වන්නේ කුමකින් ද?

සයිබර් කල්ලි වල උසුළු විසුළු සහ අපහාස නිසා දිවිතොරගත් වෙනූෂාලා ගැන විදෙස් රටවලින්
දැනටමත් වාර්තා වෙලා තියෙද්දි අපේ හැසිරීම් ගැන සහ අපේ හැසිරීම් වෙනත් මිනිස් ජීවිත වලට එල්ල කරන බලපෑම් ගැන මීට වඩා සෑහෙන වගකීමකින් කටයුතු කල යුතුයි.

සයිබරයේදී කල්ලි ගැහෙමින් අනිත් මිනිස්සුන්ව අපහාසයට ලක් කිරීම, ලජ්ජාවට පත් කිරීම විනෝදාංශයක් කරගත්, ඒත් හිතන්නට සිහි බුද්ධියක් තවමත් ඉතිරි වෙලා තියෙන අය තමාගේ ක්‍රියාකලාපය ගැන වරක් දෙවරක් නෙමේ සියවරක් සිතාබලන්න ඕනෙ.

මොකද තමාගේ පහත් වින්දනයේ මිල කවදා හරි අහිංසක මිනිස් ජීවිතකට ගෙවන්න සිද්ද වීමේ ඉඩක් තියෙන නිසා.

ඒවගේම තමාගේ හැසිරීම් නිසා අනිත් අයගේ ජීවිත වලට වෙන බලපෑමේ හරි වැරැද්ද ගැන සිතා බලන්න බුද්ධිය මුහුකුරා නොගිය මන්ද බුද්ධිකයන්ගේ මේ සයිබර් කල්ලිවාදයට එරෙහිව සියලුම සයිබර් ක්‍රියාකාරීන් පෙළ ගැසිය යුතුයි.

එහෙම නැතිනම් සයිබර් ක්‍රියාකාරීන් වෙච්චි අපට වෙන්නෙ මේ කාලකණ්ණි විනෝදය නිසා ආයේ නිවැරදි කරන්න බැති වැරැද්දක් වුනයින් පස්සෙ ඒ ගැන කවි, රචනා, සටහන් ලියන්න.

අශ්වයා පැනගියයින් පසු සේදලය වසා පලක් නැහැ.

එනිසා සයිබරය නැමති දැලි පිහියෙන් සෙල්ලම් කරන මෙම වඳුරන්ට එරෙහිවීමේ වැදගත්කම පරක්කු වෙන්න කලින් සියල්ලන් තේරුම් ගත යුතුයි.

Advertisements

කුණුහරප දුටු විට සුළු දිය පහ වෙන රෝස කැලෙන් ගෙනා බබ්බු

TupacMiddleFinger

සෑහෙන කාලයක සිට වාද විවාදයට බඳුන් වන සමාජ ජාලා වලදී කුණුහරප හෙවත් අසැබි වදන් භාවිතය පිළිබඳව ලියන්නාගේ අදහස් මෙසේය.

මුහුණු පොත සහ බ්ලොග් අවකාශය ඇතුලු සමාජජාලා වලදී ඇතිවන සංවාද සහ කතිකාවත් ටයි කෝට් දමාගත් මහත්වරුන් ඒසී කල කාමර වල සිට කරනා සංවාද වලට සමාන විය යුතු නැත. සමාජ ජාලා වල කෙරෙන සංවාද වල වටිනාකම රැඳී තිබෙන්නේ එහි ඇතිවන සංවාද ඒසී කාමර වල ටයි කෝට් සම්ප්‍රදායෙන් වෙනස් වනතාක්ය.

අව්‍යාජ බව, අවංක බව, සෘජු අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව, සාපේක්ෂව ඉතා අඩු සීමා වලින් බැඳුනු අවකාශයක ඕනෑම සමාජ මට්ටමක සහ බුද්ධිමට්ටමක අයවලුන්ට තම අදහස් අන්‍යයන් සමඟ බෙදාගැන්මට තිබෙන හැකියාව වැනි ඒසී කාමර වල මහත්වරුන්ගේ සංවාද වලදී නොමැති එහෙත් සමාජ ජාලා හෙවත් සයිබරයේ ඇති දේ නිසා එහි වටිනාකම සුළුකොට තැකිය හැකි නොවේ.

එය එසේ තිබියදී කවුරුන් හෝ ඒ.සී කාමර වල තිබෙන කොන්දේසි, සීමා සහ ඊනියා සදාචාරයක් සයිබරයට ගෙන ඒමට තනනවා නම් ඒ කවුරුන්ට හෝ කීමට ඇත්තේ කරුණාකර ටයි පොල්ලක් දාගෙන ඒ.සී කාමරයක් ඇතුළට රිංගා ගන්නා ලෙසය.

සමාජ ජාලා ගැන ලියන්නා දුටු හොඳම විග්‍රහය ඉදිරිපත් කර තිබුනේ කාලයක් මුළුල්ලේ බ්ලොග් ලියන්නකු වන මයියා ය. ලියන්නා එම විග්‍රහය ඔහු දුටු හොඳම විග්‍රහය ලෙස නම් කරන්නේ එහි ඇති සරල බව හේතු කරගෙනය.

අප කවුරුත් අසා ඇති ප්‍රසිද්ධ කථාවක් තුළට මයියා විසින් සමාජ ජාලා අපූරුවට ගලපා තිබුනි.

ඔහු විසින් සමාජ ජාලා සසඳා තිබුනේ බුද්ධිමතුන්ට විතරක් පෙනෙන සළුවක් හැඳගෙන යයි සිතා හෙළුවෙන් යන රජතුමා දෙස සියල්ලන් නිහඬව බලා සිටියදී සිය අවංක හැඟීම කෑගසා කියූ කුඩා දරුවාටය.

මේ සටහන ලියන මම සහ කියවන ඔබ ඇතුළු බහුතරයක් සයිබර් ක්‍රියාකාරීන් නියෝජනය කරන්නේ ඒ කුඩා දරුවාගේ හඬයි !

ඒ කුඩා දරුවාට තිබෙන නිදහස, අප විසින්ම අනවශ්‍ය සීමා මායිම් දමා නැතිකර ගතහොත් වරදින්නේ වෙන කිසිවෙකුට නොව, අපටමය.

එනමුත් මේ අවකාශයේ ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් කීමට, කිරීමට හෝ රිසි අයුරින් හිතුමතේ හැසිරීමට ඉඩ ලැබිය යුතු බව ඉන් කියවෙන්නේ නැත. පැහැදිළිවම නැත.

කෙනෙක්ගේ නිදහසේ සීමාව අවසන් වන්නේ අනෙකාගේ නිදහස පටන් ගන්නා තැනින් යයි ප්‍රසිද්ධ කියමනක් ඇත. ඒ කියමන සිතේ තබා ක්‍රියාකල හැකි නම් ප්‍රමාණවත්ය.

ලෝකය වෙනස් කරන්න කතා කරන, ලෝකේ නැති දර්ශනවාදී සංවාද වල නියැලෙන අප සයිබර් ක්‍රියාකාරීන් හට එම සරල කරුණ වටහා ගැන්ම අපහසු වේ යැයි සිතිය නොහැක.

සමහර පිරිස් දුටු පමණින් ඌයියා කිරීමට සමත් අසැබි වදන් හෙවත් කුණුහරප ගැනත් යමක් සඳහන් කල යුතුය.

අසැබි වදන් හෙවත් කුණුහරප යනු සරලවම ගතහොත් සමාජයක අසභ්‍යය යැයි සම්මත වුන වචනය. කාලයෙන් කාලයට ඒ අසැබි ලෙස සම්මත වචන වෙනස් වන අතර කාලයෙන් කාලයට ඒ වචන යොදාගන්නා ආකාරද වෙනස් වේ. පරිනාමය වේ.

සයිබර් ක්‍රියාකාරීන් විසින් මුහුණු පොත තුළදී, බ්ලොග් අවකාශයේදී කතා කරන්නේ සමාජයේම එදිනෙදා අහන්නට දකින්නට තිබෙන ප්‍රායෝගික දේවල් නම්, ඒ දේවල් නිදහසේ කතා කිරීමට නොහැකි තත්වයක් තුළ සමාජජාලා වල ඇති ඵලය කුමක්ද? පාරට බැස පැයක් දෙකක් ඇවිද ආ පසු අහන්න තිබෙන, දකින්න තිබෙන දේවල් සහ ඒවායේ හරි වැරැද්ද පිළිබඳව වාරණයකින් තොරව සාකච්ඡා කල නොහැකි නම් මේ මුහුණු පොත්, බ්ලොග් කොස් කොටන්නද?

අපි අපිවම රවට්ටා ගත යුතුද?

සමාජයේ ඇති අසූචි, ගූ බෙටි එකතු කොට සුදු සළුවලින් එතූ පමණින් ඒ අසූචි වලින් සුවඳ හමන්න ගනීවිද?

අපි අයින් කරමු සුදු සළුව. දිග අරිමු සමාජයේම හෙළුව. මේක අපේ අවකාශය. අපිම නීති දාලා, බොරු සළු ඔතාගෙන, සමාජයේ නැති සදාචාරයක් මෙතනට ආරෝපනය කරගත්ත රෝස කැලෙන් ගෙනාපු බබ්බු නොවී අවංක වෙමු අපි අපිටම !

සමාජයේදී කාන්තාවට හුත්ති කියනවා නම්, වේසි කියනවා නම්, බඩුව කියනවා නම්, එහි හරි වැරැද්ද ඒ වචන භාවිතා නොකර කථා කරන්නට හැකිද?

ගෑණුන්ට හුත්ති, වේසි, බඩුව කියන සමාජයක ඉන්න අපි මෙතන ඇවිත් මහත්මිය, මෙනවිය කිව්වාම හරි ආතල් ද? චූන් ද?  නගිනවද? ( උදාහරණයක් පමණි. ඇඟිල්ල දෙස නොබලා හඳ දෙස බලන්න)

කරුණු එසේ වුවත් නිදහස සහ වල්බූරු නිදහස පටලවා නොගත යුතුය. කුණුහරපයක පවා හරි වැරැද්ද තීරණය කල යුත්තේ බුද්ධිමත්වය. අදාල context එක සලකා බලාය. යම් හැඟීමක් ප්‍රකාශ කිරීමට අසැබි යැයි සම්මත වචනයක් යොදා ගැනීම සහ පුද්ගලයෙක්ට අපහාසයක් හෝ ඔහුගේ/ඇයගේ චරිතය ඝාතනය කිරීමේ අරමුණින් අසම්මත යැයි සම්මත වචනයන් යොදා ගැනීම යනු දෙකක් මිස, එකක් නොවේ.

විය යුත්තේ කුණුහරප වලින් සමාජ ජාලා ආරක්ෂා කිරීම නොව, පුද්ගල අපහාස සහ චරිත ඝාතන නැවැත්වීමය. සදාචාරය යනු එය මිසක ‘වචන’ වලට තහංචි දමාගෙන දැඟලීම නොවේ.

කුණුහරප යොදාගෙන වැදගත් මෙන්ම හරවත් සටහනක් ලිවිය හැකි සේම සමාජයේ සභ්‍යය යැති සම්මත වචන යොදාගෙන අමු කුණුහරපයක් ලිවිය හැකිය. එසේම කුණුහරපයක් යොදාගෙන තමාගේ මිතුරාට තම හැඟීම් ප්‍රකාශ කල හැකි සේම එක් කුණුහරපයක් වත් යොදා නොගෙන මුහුණු පොතේ හෝ බ්ලොග් අවකාශයේ මනුස්සයෙක්ව නැතිම කර දැමීමත් කල හැක්කකි.

මේ කරුණ නොවැටහෙන යමෙක් වැඩිහිටියන් අතර කෙරෙන සංවාද වලට සුදුසුද? වැඩිහිටියන් අතර සංවාද විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ මත පල කිරීමට සුදුසුද?

එය කියවන්නා හමුවේ මා තබන පැනයයි.

කුණුහරප දැක්කම ඇස් දෙක ඌයියා වෙලා සුළුදිය පහවෙන චූටි බබාලා හෝ, ජීවිතේට මහ පොළවට බැහැල නැති සැබෑ ලෝකේ තිත්ත දැනිල නැති දූවිලි ඇඟේ වැදිල නැති කුණුහරප අහල නැති ලේ දැකල නැති තොත්ත බබ්බු වැඩිහිටියන් අතර කෙරෙන සමාජීය, සංකෘතික, දේශපාලනික සංවාද වලට සුදුසු නැත.

කීමට ඇත්තේ එපමණය.

රියල් ප්‍රොෆයිල් – ෆේක් ජීවිත

ඔබේ ෆේස් බුක් ගිණුමට ලොග් වන සෑම මොහොතකම ඔබ දකින්නේ සර්ව සම්පූර්ණ ජීවිතයන්ය.

සිනා මුසු මුහුණු වලින් යුත් මිනිසුන්ය.

සතුටින් පවුල් ජීවිත ගෙවනා අඹුසැමියන්ය. ආදරයෙන් වෙළි සිටිනා පෙම්වතුන්ය. විසිතුරු ඇඳුමින් සැරසී සාද වලට යන තරුණ තරුණියන්ය. ආදර බර දෙමාපියන් ලැබුන වාසනාවන්ත දරුවන්ය. දරුවන්ගෙන් ආදරය ලබන දෙමාපියන්ය.

ඔවුන් ලොකු ලොකු වාහන පදියි. ලොකු ලොකු රෙස්ටුරන්ට් වලින් කෑම ගනියි. සැපවත් පවුල් ජීවිත ගත කරයි. නිතර දෙවේලේ විනෝද චාරිකා යයි. ලස්සන ඇඳුම් අඳියි. ලෝකෙ වටේ සවාරි ගසයි.

මේ ලයිස්තුව බොහෝ දිගය.

නමුත් ඔබේ ජීවිතය?

ඔබේ ජීවිතය එතරම් සැපවත් නැත්තේ ඇයි? ඔබ එතරම් වාසනාවන්ත වී නැත්තේ ඇයි?

ඔබේ කටුක දිවියෙන් මොහොතකට මිදී ෆේස් බුක් ලෝකයට එන ඔබ එහි සිටින දකින සැපවත් ජීවිත දැක මොහොතකට හෝ කණස්සලු වෙනවාද?

ඔබට ඔබගේ ජිවිතය ගැන සියුම් හෝ දුකක් ඇතිවනවාද?

දුක් වීම පසෙක තබා නවතින්න මොහොතකට….

සිතන්න!

ඔබ ඔබ ගැන සිතන්න. ඔබේ ෆේස් බුක් ගිණුම තුළ ඔබ ඔබව මවා පෙන්වන අන්දම ගැන සිතන්න. ඔබේ ජිවිතයේ සැබෑව සඟවා වෙනස්ම වූ චරිතයක් ෆේස් බුක් ගිණුම තුළ නිරූපණය කරන අන්දම ගැන සිතන්න.

එවිට පෙර සඳහන් කළ සර්වසම්පූර්ණ මිනිසුන්ගෙන් ගැහැණුන්ගෙන් බහුතරයක්ද ඔබ ලෙසින්ම මුහුණු පොත තුළ විවිධ චරිත රඟ දක්වන්නවුන් පමණක්ම බව ඔබට වැටහෙනු ඇත.

කඳුළු සඟවා ෆේස් බුක් තුළින් පර්ෆෙක්ට් ජිවීත ගත කරන්නේ, මවා පෙන්වන්නේ ඔබ පමණක්ම නොවෙයි.

එකම බොරුකාරයා ඔබ නොවෙයි..රඟපාන්නේ ඔබ පමණක්ම නොවෙයි.

ඔබ ඔබගේ ෆ්‍රෙන්ඩ්ලිස්ට් එකේ මිතුරන් අතරින් සැබෑ ජිවීත සොයන්නේ නම්, ඔබ ඒ ගැන දෙවරක් සිතිය යුතුය. මන්ද ෆේස් බුක් නම් වූ වර්චුවල් රියැලටිය තුළ මහ පොළවේ සිටිනා මිනිස් ජීවිත දක්නට නැත.

ඇත්තේ සයිබර් යූටෝපියාවක සිය ෆැන්ටසි චරිත රඟදක්වන වෙස් මූණු දමාගත් ව්‍යාජ මුහුණු එකතුවක් පමණි.

මේ අවකාශය මිනිසුන් යොදාගන්නේ තමා ජීවත් වීමට ප්‍රාර්ථනා කරන ෆේක් ජීවිත සැබැවක් ලෙස හුවා දැක්වීමට පමණය.

ඉතින්,

ඔබත් ඔබගේ ෆේස් බුක් ගිණුමට ලොග් වන්න. වර්චුවල් රියැලටියේ සැරිසරන්න.

රඟපාන්න, මවාපාන්න, රවටන්න.

ෆේස් බුකිය ඇත්තේ එයටය.

Living a Lie – Online

Book_Title

When you Log into your Facebook Account, If you think other people on your friend list is having a great life and if you can’t figure out why it is only you who is always having such a hard time, Just compare your real life and the life you portray on your Facebook Account.

Then you might get an idea about how other people pretend their lives to be awesome when they are not, not as much as they show it to be anyway.

You are not the only one who is pretending, you are not the only liar.

So relax, It’s not only you who is having a shitty life.

The truth is, they also would love to live a life which is half as perfect as they pretend it is on Facebook. Not Only You.

If you think that there are people on your friend list.. think again. Because there are ‘0’ people. Literally zero. You cant find people, only Facebook Profiles.

The difference between the life of a modern day Human being and his/hers Facebook Account cannot be compared even. One’s Facebook profile only shows the life he/she is willing to live, but not the life he/she actually lives day by day.

So don’t worry. Just log in to your profile and show the others how you imagine your life is to be. How you wish your life is to be.

So just live a lie, pretend that you are living a dream.

That is what Facebook is there for