බුදු අම්මෝ මෙන්න ටීවී එකේ ගණිකාවක් !

බුදුන් තෙවරක් වැඩිය, පොඩි උන්ව දූෂණය කරලා මරන, පොඩි උන්ව කෑලි කෑලි වලට කපලා මරන, කෝච්චියට හැප්පුන එකාගේ පර්ස් එකටත් කෙළින්න හදන, දළදාව වටේ රේස් පදින, හදිසි අනතුරක් වුනාම වාහන ගිණි තියලා ඩ්‍රයිවර්ගේ අඬු කඩන, පන්සල් පල්ලි වල ළමයින්ව අපයෝජනය කරන, තුන්සිය හැටපස් දවසෙම කණ පැලෙන්න ලවුඩ්ස්පීකර් වලින් බණ අහන ගමන් බුදුන්ගේ නාමයෙන් මිනීමරන මේ පුණ්‍ය භූමියේ..

ටීවී එකේ ගණිකාවක් යකෝ !

අම්මෝ මගෙ ඇස් දෙක !!! 

මුංගේ වේස රස්සාවට නීතියෙන් මීට වඩා පිළිගැනීමක් ඕනෑලු. සමාජයෙන් පිළිගැනීමක් ඕනෑලු. උන්ගේ දරුවන්ට පිළිගැනීමක් ඕනෑලු.

මුංට ප්‍රශ්න තියෙනවලු. ඒවාට විසඳුම් ඕනෑලු. ඒ මදිවට මුංට අයිතිවාසකම් තියෙනවලු (හුකෑස්). ඒ අයිතිවාසකම් ඕනෑලු

අනේ බොල ගොං වැස්සියේ, උඹලට කොහෙද මේ රටේ අයිතිවාසකම්?

පහුගිය දවස් වල දැක්කනේ අපරාධකාරයෝ කියල සැකපිට අත් අඩංගුවට ගන්න උන්ට අපේ රටේ නීතිය රකින්න බැඳිලා ඉන්න පොලිසියයි අපේම සමාජයයි සලකපු හැටි. 

එහෙමයි යකෝ අපි අපරාධකාරයින් කියල ඔප්පු නොවුන සැකකාරයින්ටත්  සලකන්නේ. 

අපරාධකාරයින් තියා සැකකාරයිටවත් නැති මානුෂීය අයිතීන් ගණිකාවන්ට කොහෙන්ද යකෝ?

ගණිකාවන්ට කොහෙද අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක්?

මේ වගේ පට්ට බැල්ලියන්ට කතා කරන්න ඉඩක් හදල දීපු මාධ්‍ය බල්ලන්ට එළෝ එළෝ ගහන්න ඕනා. දැඩි ලෙස විරුද්ධත්වය පළ කරන්න ඕන. ඔව්. 

මෙච්චර කල් කොච්චර ලස්සනට වැඩකටයුතු කරගෙන ගියාද මේ මාධ්‍යය මහත්තුරු.

මෙච්චර කල් ටීවී එකේ ඉඩ දුන්නේ බිලියන ගණනින් ජනතා මුදල් වංචා කරන, කුඩු කන්ටේනර් ගණන් ගේන, වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියන්න නියෝග දුන්න, ගුරුවරු දණ ගස්සපු, මිනිස්සු ගස් බැඳපු අපේ ශිෂ්ඨ දේශපාලක මහත්තුරුන්ට විතරයි.

අපිත් ඒ සාකච්ඡා, කුලල් කාගැනිලි බලං හිටියෙ කොච්චර ආසාවෙන්ද?

ඒ දේශපාලකයින්ට දෙන අයිතිය කොහොමද යකෝ මාධ්‍ය බල්ලො මේ පට්ට බැල්ලියන්ට දුන්නේ?

අම්ම අප්ප විකුණල හරි සල්ලි හම්බකරන්න හදන කාලකණ්ණි හැත්ත.

මෙහෙම ගියොත් හෙට ඉඳල කොලුකාරයොයි, ආප්පකාරියොයි ගෙනල්ලා මාධ්‍ය සාකච්ඡා තියයි. 

අපි අපේ රටේ පාරිශුද්ධ, නිකැලැල්, පරම පිවිතුරු සංස්කෘතිය මෙච්චර කල් රැකගෙන ආවේ කොච්චර අමාරුවෙන්ද? මේ ගණිකාවන්ට අපේ ආගම, දහම, සංස්කෘතියට කෙළවන්න දෙන්න බෑ. 

අර කවුද කිව්ව වගේ බඩු ගහන්න ඕනේ නම් ඕන අය හොරෙන් ගිහින් බඩු ගහන එක වරදක් නෑ. හාමුදුරුවන්ට මස් කන්න නියම කරල තියෙන ක්‍රමේට.

ඒත් හැංගි හැංගි කරන්න ඕන ඒවා ගැන මෙහෙම ප්‍රසිද්ධියේ කතා කලාම අපේ සමාජීය හෘද සාක්ෂියට කොච්චර නං ඌයියා වෙනවද මං අහන්නෙ? ඒක තේරෙන්නෙ නැද්ද මුංට?

අපේ සමාජයේම මිනිස්සු කොටසකගේ අවශ්‍යතා ඉටු කරන ගමන් ඒකට මුදලක්  අය කරන ගණිකාවෝ කියල ජාතියක් ඇත්තටම ඉන්නව කියල උන්ව ටීවී එකේ පෙන්නල අපිට මෙහෙම මතක් කරනවද මං අහන්නෙ?

එහෙම මිනිස්සු කොටසක් ඉන්නව කියල, උන්ටත් අපිට වගේම ප්‍රශ්න තියෙනව කියල, උන්ටත් අපිට වගේම අයිතිවාසකම් තියෙනව කියල, උනුත් අපි වගේම ඇට,මස්, ලේ, නහර වලින් හැදුන මිනිස්සු කියල අපි අමතක කරල ඉන්නෙ කොච්චර අමාරුවෙන්ද? 

අපි කොච්චර අමාරුවෙන්ද ඇහැ වහලා අහක බලාන ඉන්නෙ. එහෙම කට්ටියක් නෑ කියල හිතාගෙන.?

අපේ නැති සභ්‍යත්වයක් තියෙනව කියල අපි හිතාගෙන ඉන්නේ මේවා හොර රහසෙ කෙරෙනකං නෙ. එළිපිට මේව ගැන කතා කරන්න ගත්තම අපි දරාගන්නෙ කොහොමද?

අපේ සංස්කෘතික ෆැන්ටසි වලට කෙළින්න එපා යකුනේ. ආතල් කුඩු කරන්න එපා !

ගණිකාවන්ව ටීවී එකේ පෙන්නලා අපේ සිල් බිඳින්න එපා !

මෙහෙම ගියොත් අපිට වෙන්නේ සුද්දාගේ ආච්චිව ඇඳෙන් බස්සලා සුද්දගේ දුව එක්ක නිදාගන්න.

Advertisements

සිල්ලර උසාවි

9986938

2014 දෙසැම්බර් 05 – හලාවත, මායික්කුලම

අප වර්තාකරු – මෙතන වෙලා තියෙන්නෙ මොකක්ද කියල පොඩ්ඩක් පැහැදිළි කරන්න පුළුවන්ද?

” මේකයි… උනේ. මේ වෙලාව ඉස්කෝල ඇරෙන වෙලාවනෙ. මුං දැන ගන්න ඕනෙ..කල්පනාවෙන් වාහන එලවන්න..”

මේ පැත්තෙන් ඉස්කෝලේ ඇරිලා පොඩි කොලුවෙක් බයිසිකලේක නැගලා ආවා. ගෙදර යන ගමන්ද කොහෙද. එවෙලෙම අනිත් පැත්තෙන් ආවා ලොරියක්..හැටට හැටේ.. පාගලා..”

අප වර්තාකරු – ඉතින්..?

“ඊට පස්සේ මොනා වෙන්නද මහත්තයෝ. අර… අර ලොරියේ ආපු කාළකණ්ණියා… මේ අසරණ කොල්ලව යට කරගෙන ගියා නෙව..”

අප වර්තාකරු – නෑ.. !

“නෑ නෙමේ ඔව්.. එහෙම කලා මදිවට… පැනල යන්නත් හැදුවා. අන්න අතන ඉන්න ත්‍රීවීල් අජිත් මලයයි… වංගුව ගාව වින්කලේ නිමලේ අයියයි …එකතු වෙලා තමා… ලොරිය නවත්ත ගත්තෙ..”

අප වර්තාකරු – ඊට පස්සෙ මොකද වුනේ? ඌව අල්ලලා පොලිසියට බාර දුන්නද?

“මොන පොලිසිද මහත්තයො. අපි කට්ටියම එකතු වෙලා … නෙලුවා ඌට පාං කියා ගන්න බැරි වෙන්න. ඒකයි මේ.. මට.. තාම හති.. (හති දමයි)

උගේ හතර හංදි කඩලා නැවතුනෙ නෑ අපි.. වටේ ඉන්න කොල්ලො එකතු කරන්… ලොරියත් කුඩේ කුඩු කරලයි පස්ස බැලුවේ.. තව පොඩ්ඩෙන් ගිනි තියෙනවා”

අප වර්තාකරු – එතකොට පොලිසිය..?

“පොලිසිය ආවෙ අපි ඌට නෙලන අස්සෙ. පොලිසියෙ මහත්තුරුත් අපිට වැඩිය බාධා කලේ නෑ. අන්තිම හරිය වෙද්දි අපිව පොඩ්ඩක් දෙපැත්තට ඇදලා අර කාලකණ්ණියාව අරන් ගියා. ලොරියට ගහද්දි නම් මුකුත්ම කිව්වෙ නෑ.

කොච්චර වුනත් එවෙලාවට නම් පොලිසියේ මහත්තුරුන්ටත් හරි වැරැද්ද තේරෙනවා..”

අප වර්තාකරු – සාමාන්‍යයෙන් වෙන්න ඕන ඒක නෙමේ නෙ. ඒ ඩ්‍රයිවර් කාරයා පැනල යන්න හැදුව නම් ඕගොල්ලන්ට තිබ්බෙ ඌව අල්ලලා පොලිසියට බාර දෙන්නනෙ. ගහන්න ගියේ ඇයි? වැරැද්දට දඬුවම තීරණය කරන්නෙ උසාවියෙන් නෙමෙ ද? ඕගොල්ලෝ නීතිය අතට ගන්න එක හරිද?

“තව මොනවට උසාවි යන්නද මහත්තයා. නිකන් කාලේ නාස්ති කරන්න. කොහොමත් මේව සමාවදෙන්න පුළුවන් වැරදි නෙමෙ. ඌ කලේ වැරැද්ද. අපි ඌට දෙන්න ඕන දඬුවම මෙතනම දුන්නා”

2013 නොවැම්බර් 22 – කඹුරුපිටිය

මස්සිනා – ඇත්තටම අයියේ අද හවස මොකක්ද උනේ? මොකක්ද ඇත්තම කතාව..?

“මල්ලි.. උඹ මට මගෙම මල්ලි වගේ. උඹ වගේ එකෙක් නංගිට ලැබුනේ වාසනාවට..

උඹ හිත හොඳ එකා. අන්න ඒ නිසයි බං මම ඇත්තම කතාව උඹට කියන්නෙ නැත්තෙ.

ගනින් ඔය බයිට් එක පොඩ්ඩක්…ඔය වීදුරුව හිස්නේ බන්, දාගනින් තව එකක්”

මස්සිනා – නිවුස් වලට කියපු කතාව බොරුද අයියේ එතකොට..?

“උඹ නිවුස් බලලමද අද සෙට් වෙන්න ආවෙ..? මටවත් තාම බලන්න බැරි වුනා. මොනවද නිවුස් වලට කිව්වෙ..?”

මස්සිනා – කිව්වෙ නම් ඕවිටිගම හරියෙ හංගල තිබ්බ ආයුධ වගයක් අයියලට.. පෙන්නන්න ගිහින් එතනදි ඌ හංගලා තිබ්බ තුවක්කුවක් අරන් අයියලට වෙඩි තියන්න හදද්දි අයියලගෙන් වෙඩි කාල මලා කියල..

“හා.. හා.. ! අම්මෝ.. තව පොඩ්ඩෙන් ගහපු ෂොට් එකත් උගුරට එනව.. උඹ කියපු විදිහට තවත් හිනා ගියා.

මම ලොක්කට ලියලා දීපු ටික උන් එහෙම්මම දාලා..? උන්ගෙත් ජොබ් එකනෙ.”

මස්සිනා – ඒ කියන්නේ අයියේ..? ඇත්තටම මොකක්ද වුනේ?

“මේකයි. අපේ ජොබ් එක උඹගෙ ජොබ් වගේ මේසයක්, පුටුවක් උඩ ඉඳගෙන කම්පියුටරේකින් කරන ජොබ් එකක් නෙමේ මලේ. මෙහෙම දේවල් වෙනවා. ඌ මැරුවේ අපේම කොස්තාපල් කෙනෙක්ව.. අපිත් එක්ක එකට ප්ලේන්ටිය බිව්ව අපේම එකෙක්ව.

අනික මල්ලි මිනිස්සු මෙහෙම පොලිසියට අත තියන්න ගත්තොත් අපේ තත්වෙට මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් හිතහං. අද මූ හෙට තව එකෙක්…

මොනවා උනත් බන් නිළ ඇඳුමේ ගරුත්වය තියාගන්ඩ ඕනි. නැතිනම් මිනිස්සු කරේ නගින්න එනවා.”

මස්සිනා – හ්ම්..

“ඉතින් උඹට විතරක් නෙමේ ඕනම පොඩි එකෙක්ට තේරෙනවනෙ උන දේ. පොලිසිය යටතේ ආයුධ පෙන්නන්න යන එකෙක් කොහොමද ආයේ තුවක්කුවක් අරන් අපිටම වෙඩි තියන්නෙ..?

මොකද බන් අපි පඹයොද..? උන් එහෙම වෙඩි තියෙනකන් බලන් ඉන්න.

අනික බන් ඌට එහෙම කරන්න පුළුවන් විදිහට මාංචුවත් නොදා ගාඩ් එකක්වත් නැතුව තියනවද අපි..? මේ ආයුධ පෙන්නන්න එක්කන් යන අස්සේ. මොකද ඌ පෙන්නන්න ගියේ සෙල්ලං තුවක්කු යැ

මස්සිනා – ඉතින් අයියේ. අයියලාගෙ ජොබ් එක ඒක නෙමේනෙ. අයියලා කරන්න ඕන සැකකරුවො අල්ලලා උසාවියට දාන එක නේද? එතනදිනෙ දඬුවම දෙන්නෙ. නැත්නම් අයියලම දඬුවම දෙනව නම් උසාවියක් මොකටද?

“මල්ලි මොකද උඹට වැඩි ද..? නංගිත් ගෙදර බලං ඉන්නව නේද..? බයික් එකේ යන්නත් ඕනනෙ.

“මගෙ මස්සිනා වෙච්චි නිසා හොඳයි උඹට. වෙන එකෙක් බීලා එලෙව්වොත් නම් පුතෝ දැන් ඉවරයි. කෙළින්ම උසාවි.”

“බීල කියල නැවැත්තුවොත් මට කෝල් එකක් දියන්..”

වර්තමානය – සයිබර් අවකාශය

“You there මචන්..?”

ඇඩ්මින් – අඩෝ බොක්ක; කොහොමද..? කොහොමද..? how how..?

“ඉන්නව ඉන්නව. අම්මේ බන් උඹලට මැසේජ් එකක් දැම්මම රිප්ලයි එකක්වත් දාන්නෙ නෑනෙ. ඉතින් ඉතින්.. දැන් උඹල ලොකු ලොකු පේජ් කරන ඇඩ්ඩිංලනෙ..

අඩෝ උඹලා ගැන පත්තරෙත් ගියා යකෝ… “Facebook මඟින් ආන්ඩු පෙරළු තරුණ කැළ කියලා”… හා හා”

ඇඩ්මින් – LOL 😀

“කොහොමද මචන් පේජ් එක? නැගල යනවද? මාත් ආසයි බන් උඹ වගේ පේජ් එකක් කරන්න”

ඇඩ්මින් – ඡන්දේ කාලේ බන් අපි සුපර් හිට්. අපි දාන පෝස්ට් වලට ලක්ශ ගණන් විවුව්ස් එන්නේ බන්. ලයික්ස් ශෙයාර්ස්. අඩෝ පට්ට බන් ඒ කාළේ. දැන් මචන් පොලිටික්ස් උණුසුම අඩු නිසා කට්ටිය බැක්ටු නෝර්මල්. මේ දවස් වල එදා වේල ගෙම්ස් තමයි”

“ඒ කිව්වේ බන්..?”

ඇඩ්මින් – එක එක කුණු වලින් තමා බන්. ලොකු සීරියස් කතා මිනිස්සුන්ට තෙරෙන්නේ නෑ බන්, හිට් වෙන්නේ කුණු රසය.

මිනිස්සු ආසයි කුණු රසයට. ඕපාදූප වලට.

“ඉතින් කොහෙන්ද ඔච්චර නිවුස් හොයා ගන්නෙ? උඹලගේ පේජ් වල හැමදාම මොනා හරි හිට් නේ බන්”

ඇඩ්මින් – නිවුස් හොයන්න ඕන නෑ බන්. මිනිස්සුම නිවුස් මවල දෙනවා. දැන් ඕනම එකෙක්ගේ අතේ කැමරා ෆෝන් එකක් තියෙන නිසා වැඩේ තවත් ලේසියි. මිනිස්සු කොහේ හරි සිද්ධ වෙන මලදානයක් වීඩියෝ කරලා ෆේස් බුක් අප්ලෝඩ් කරනවා. අපිට තියෙනේ ඒ විඩියෝ අපේ පේජ් වල දාන එක. කට්ටියට යන්න රැල්ල හදන එක.

“ඉතින් ඔය හැම එකක්ම හිට් වෙනවද?”

ඇඩ්මින් – මෙහෙමයි මචන්. හිට් කරගන්න දැනගන්න ඕනෙ. වැඩියෙන්ම හිට් වෙන්නේ සෙක්ෂුඇලිටි ගැන පෝස්ට්. ඒක ඉතින් උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

කෙල්ලෙක්ගේ ඇඟ පේන ෆොටෝ එකක් දාලා. පොඩ්ඩක් සිද්ධිය ස්ටෙප් බයි ස්ටෙප් විස්තර කරලා, කුණුහරප ටයිටල් එකක් දාපුවම බන් විව්ස් එන්නේ පැයට දාස් ගණන් !

“නෑ..!”

ඇඩ්මින් – නෑ නෙමේ බන්, ඔව්. හිතහන් මෙහෙම. පුළුවන් තරම් ටාර්ගට් කරන්න ඕනේ ලිංගිකත්වය ගැන පෝස්ට්. එහෙමත් නැත්නම් නලුනිළියන්ගෙ ඕපාදූප, ඒත් නැත්තන් හදිසි අනතුරු, අපරාධ වගේ ඒවා. ඔය මිනී රසයට මිනිස්සු මාර ආසයි මචන්. ඒක තේරෙන්නේ මේවගේ පේජ් කරද්දි. ලේ පිරුණ මලමිනියක ෆොටෝ එකක් එහෙම හොයාගන්න පුළුවන් වුනොත් ඉතින් මල් හතයි.

“එතකොට ඇත්ත නැත්ත බලලා වැඩක් ඇති දෙයක් දාන්නෙ හෙම නැද්ද බන්?”

ඇඩ්මින් – අයියෝ බන්. ඇත්ත නැත්ත අපිට වැඩක් නෑ. එහෙම ඒවා දැම්මත් කවුරුත් බලන්නෙත් නෑ. අපි දැනගන්න ඕන කට්ටිය කියවන දේ බලන දේ දෙන්න. කොහෙන් හරි සාමාන්‍ය සිද්ධියක් අරන් අපි ඒක නිවුස් එකක් කරන්න ඕන. ඒකට ඉතින් පොඩි ටැලන්ට් එකක් නැතුවත් බෑ කොල්ලො.

“ඒකත් එහෙමද..? මම හිතුවේ ෆේස්බුක් ඉන්නේ ටිකක් බුද්ධිමත් මිනිස්සු කියලා. ඒගොල්ලොම කියාගන්නෙ එහෙමනෙ”

ඇඩ්මින් – බුද්ධිමත් මිනිස්සු? අනේ බන් උඹ දන්න තරම. මේකේ උන්ට ඕනෙ කාට හරි ඇඟිල්ල දික් කරන්න. ටිකක් දවසක් කියව කියව ඉදලා ඒක අමතක කරන්න. ඒක අමතක වෙනකොට අපි වෙනින් මොකක් හරි කුණු ගොඩක් හිට් කරනවා. එතකොට උන් ඒක ගැන කියව කියව ඉන්නව.

පේජ් එකේ ඇඩ්මින් විදිහට උඹට තියෙන්නෙ හරක් ටිකට පාර පෙන්නන එක විතරයි. ඔක්කෝමල්ලා උම්බෑ කිය කිය පස්සෙන් යන්නේ..

“ඒත් බන්. සමාජ ජාලා වල මීට වඩා පොඩ්ඩක් වගකීමකින් වැඩකරන්න ඕන නැද්ද?”

ඇඩ්මින් – අනේ මේ නවත්තගනින්.. දැන් කිව්වනෙ සැරයක්.. උඹ දන්නෙ නෑ බුකියෙ පවර් එක. හරි වැරැද්ද නෙමේ බන් මේකේ රහස. රැල්ල !!! එච්චරයි… රැල්ල !!!