ප්‍රංශයට ගහද්දි උඹලට රිදෙන්නේ ඇයි?

ප්‍රංශ ප්‍රහාරයට විරුද්ධව ප්‍රොෆයිල් පින්තූරය මාරු කලේ නැත. එසේ මාරු කිරීම ගැන පරහක් ද නැත. නමුත් ප්‍රංශයට ගහද්දි ප්‍රොෆයිල් පින්තූර මාරු කරන අය එදා ලංකාවේ ත්‍රස්ත ක්‍රියා සිදුවෙද්දි ප්‍රොෆයිල් පින්තූර මාරු නොකලේ මන්දැයි අසන්නන්ට යමක් කිව යුතුය.

එදා ලංකාවේ ත්‍රස්ත ක්‍රියා සිදුවෙද්දී ප්‍රොෆයිල පින්තූර මාරු කිරීමේ ‘ට්‍රෙන්ඩ්’ එකක් නොතිබූ බව සැබවකි. එහෙත් කිසිවෙක් කිසිවක් නොකලේය කියන එක අමු කුහක කතාවකි. ලංකාවේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය අවසන් කරන්නට අප රටක් වශයෙන් පෙළ ගැසුනෙමු. තුවක්කුවක් දරා ගෙන යුධ පෙරමුණට නොගියද, අවසන් කල යුතු ක්‍රමවේදය ගැන අප අතර මතභේද තිබුනද, ත්‍රස්තවාදය කෙසේ හෝ අවසන් කල යුතු බව විශ්වාස කලෙමු. ලක්ෂ ගණනින් පුරවැසියන් යුධ හමුදා සේවයට බැඳුනේද, ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කිරීමට හැකිවුනේද ජනතාවක් වශයෙන් අප තුළ තිබුන ඒ හැඟීම නිසාවෙනි.

රටක් වශයෙන් සාමූහිකව ත්‍රස්තවාදය අවසන් කිරීම ගැන විශ්වාස නොකලා නම්.. ආගම, ජාතිය කුමක් වුවත් පුරවැසියන් වශයෙන් ත්‍රස්තවාදය අවසන් කිරීමට වචනයකින් හෝ දායකත්වය ලබා නොදුන්නා නම් ඒ ජය අත්කර ගැනීමට නොහැකි වනු ඇති බව අමුතුවෙන් නොකිවමනාය.

ත්‍රස්තවාදය පරාජය කිරීමේ මෙහෙයුමේ අප සියල්ලන් අපගේ භූමිකා රඟපෑවෙමු. යුධමය වශයෙන් හෝ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වූයේ ඒ නිසාවෙනි.

ඒ කාලවකවානුවේ සයිබරයේ ප්‍රොෆයිල් පින්තූරයක් මාරු කිරීම/නොකිරීම ගැන දෙඩවීම පලක් ඇති දෙයක් නොවන්නේ ඒ නිසාය. මන්ද ප්‍රොෆයිල පින්තූර මාරු නොකලාට රටක් වශයෙන් සාමූහිකව අප යුධජයග්‍රහණයක් අත් කරගත් නිසාය. ජයග්‍රණයට අප සැවොම දායකත්වය දුන් නිසාය.

යුධමය වශයෙන් රටක් ලෙස සාමූහිකව ලබා ගත් ජයග්‍රහණයේ සම්පූර්ණ ගෞරවය පුද්ගලයින් දෙතුන් දෙනෙකුට ලබා දීමට කටයුතු කල මෙවන් පඟර නැට්ටන් ‘ ඒ කාලේ තොපි මොනවද කලේ? අපේ උන්නාන්සේලානේ ඔක්කෝම කලේ” වගේ කථා කීම ගැන පුදුම විය යුතු නැත.

ඔවුන්ගෙන් අසන්නට ඇත්තේ මේ ප්‍රශ්නය පමණි.

“යුධ ජයග්‍රහණය ලබා ගන්නට රටක් වශයෙන් අප කටයුතු කලේ නැත්නම්, එකතු වූයේ නැතිනම්, ප්‍රාර්ථනා කලේ නැති නම්..

යුධ ජයග්‍රහණය ලබා ගන්නට තොපි මොනවද කලේ? ත්‍රස්තවාදය අවසන් කරන්නට තොපි මොනවද කලේ? බෝම්බ පුපුරද්දි තොපි මොනවද කලේ”

කියාය.

අපට බෝම්බ ගහද්දිත් තොපි මුකුත් නොකලා නම්, ප්‍රංශෙට බෝම්බ ගහද්දිත් තොපි මුකුත් නොකරනවා නම්, නොකියනවා නම්.. වචනයකින් හරි විරුද්ධත්වය ප්‍රකාශ කරන අයට තමාගේ කුහක නිරුවත ප්‍රදර්ශනය නොකර පැත්තකටවී බලා හිටපියව් කියාය.

කසුන් චන්ද්‍රනාත් මිත්‍රයාගේ අදහසක් අවසන් වශයෙන් ඉදිරිපත් කරමි. දුක් විය යුත්තේ තමාගේ වරිගයේ අයවලුන් ගැන පමණක්ය සිතනා ගොබිලන් හට මීට වඩා කීමට දෙයක් නොමැත.

“මිනී මැරීම ෆැෂන් එකක් වනවාට වඩා

මනුෂ්‍යත්වය ෆැෂන් වීමේ ගැටලුවක් නොමැත.

ඒ ෆැෂන් එක තමන්ගේ රටේ මිනිසුන් වෙනුවෙන් නොවීම ගැන අමුතුවෙන් දුක් විය යුතු ද නැත.”

මන්ද කුමන රටක කුමන පෙදෙසක ජීවත් වුවද සමේ පැහැය කුමක් වුවද, අප සැවොම මිනිසුන් නිසාවෙනි.

Advertisements

ගෑණු බුරි වලින් සන්ස්ක්රුතිය බේරා ගනිමු

1479-Belly-Dance

වසර 2500ක් පැරණි ඉතිහාසයකින් සහ සංස්කෘතියකින් පැවත එන අප රටේ ජීවත් වන පින්වතුන්ගේ පින්වත් බවේ ගුණ වයන්නට ඔවුනට ධර්මය කියා දුන් බුදුන්ටවත් බැරිය. ඔවුන්ගේ සදාචාරය ගැන වර්ණනා කරන්නට ඔවුනට සදාචාරය කියා දුන් වික්ටෝරියා රැජිනටවත් නොහැකිය. ඔවුන් ඒ තරම්ම පින්වත්ය. ඒ තරම්ම සදාචාරවාදීය.

ඒත් කරුමය කියන්නේ සෑම උත්තරීතර පරමාන්තයටම පරිපූර්ණ වූ දේවලට මෙන්ම අපේ මේ පරම පිවිතුරු අධිසදාචාරවාදීන්ගේ පින්වත් බවටද කෙළවන මරමස්ථානයක් තිබීමය.

ආකිලීස්ගේ ශක්තිය ඔහුගේ විලුඹ ළඟ නැති වනවා සේ, සුපර්මෑන්ගේ ශක්තිය ක්‍රිප්ටනයිට් නැමති පාෂාණය ලඟ නැති වනවා සේ, මොවුන්ගේ පින්වත් සදාචාරවාදී බවට කෙළවෙන්නේ මේ මරමස්ථානය ළඟය.

ඒ මරමස්ථානය වෙන කිසිවක් නොව, ස්ත්‍රී ශරීරයයි. 

අපේ අධිසදාචාරවාදී පින්වතුන්ගේ සීලය බිඳී කුඩු සංසාර වී ඔවුනගේ මේ ඇන්ටික් සන්ස්ක්රුතියට කෙළවෙන්නේ ගෑණුන්ගේ කලවා, කකුල්, තන්ගෙඩි, පුකවල් සහ බුරියවල් නිසාය.

මොවුන් පාලකයන් පත් කරගැනීමේදී බලාපොරොත්තුවන මූලිකම කාරණා කිහිපයෙන් එකකි, මේ අවුරුදු බර ගාණක් පැරණි ඇන්ටික් සන්ස්ක්රුතිය රැකගැනීම. ආර්ථික වර්ධනය, අකුරට ක්‍රියාත්මකවන නීති පද්ධතිය, හොර මැර දූෂණ වංචා මර්ධනය, අධ්‍යාපන ක්‍රමය විදිමත් කිරීම වැනි කාරණා ඔවුන්ගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ අහලකවත් නැත. සන්ස්ක්රුතිය සහ ආගම රකිනවා නම් ඒ අවශ්‍යතා බල්ලට ගියද සැනසීමෙන් නින්දට යාමට මොවුනට ඇහැකිය.

යුගයේ අවශ්‍යතාවය සහ සිය ජනතාවගේ සිතැඟි තේරුම් ගැනීමට තරම් මුහුකුරා ගිය බුද්ධිකින් යුත් පාලකයෙක් මේ ස්ත්‍රී ශරීරය නම් මරමස්ථානයේ එක් අංගයකින් අප රටේ සංස්කෘතිය සහ සදාචාරය බේරා ගැනීමට පියවරක් අරගෙනය. ඒ අපේ බස්නාහිර පලාතේ මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාය.

ඉසුර දේවප්‍රිය උත්තමයා විසින් ගන්නා ලද කාලීන වූද, ප්‍රඥා ගෝචර වූද පියවර නම් පාසැල් ගුරුවරියන් සහ නැටුම් හදාරන දැරියන්ට බුරිය නොපෙනෙන සේ ඇඳුම් ඇඳීම අනිවාර්‍ය කෙරෙන චක්‍රලේඛයක් ගෙන ඒමට යෝජනා කිරීමය.

ආඩම්බරයිය. නිකන් නෙමේය. තේරුමක් ඇතුවම ආඩම්බරයිය.

දැන් ඉතින් රටේ භාගයක්ම ප්‍රශ්න අහවර වුනා වගේය. මීට පස්සේ පාසල් වලට යන අධිසදාචාරවාදී පින්වතුනට තම දරුවා ඇතුළු මුලු පාසැලම ඉදිරියේ ගුරුවරියකගේ බුරියක් දැකීමෙන් ඇති විය හැකි ඇඟවෙව්ලීම, අධික ලෙස දහදිය පිටවීම, ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් වීම සහ ඔන් ද ස්පොට් ශුක්‍ර ධාතු පහවීම වැනි අතුරු ආන්තරා ගැන වද නොවී පහන් සිතින් සැනසිල්ලේ සිය රාජකාරී කරගෙන නිවෙස් බලා පිටත්ව යා හැක.

මේ කාලීන පියවර ගැනීමටත් පෙර සිටම පාසැල් බලධාරීන් විසින් පාසැල තුළට එන මව්වරුනට සාරිය ඇඳීම අනිවාර්‍ය කොට නිල නොවන නීතියක් දැමීමෙන් සහ අප සමාජයම ඒ නිල නොවන නීතිය ප්‍රශ්න කිරීමෙන් තොරව අනුගමනය කිරීමෙන් ස්ත්‍රී ශරීරය නම් වූ මරමස්ථානයෙන් අති පූජනීය වූ පාසැල් භූමිය ගලවා ගැනීමේ මූලික පියවර තබා තිබුනි.

බස්නාහිර පලාත් සභා මහ ඇමතිතුමා තබා ඇත්තේ එහි දෙවැනි පියවරය. රටේ ජනතාවටම ගැලපෙන මෙවන් පාලකයන් සිටීම ගැන අප ජනතාවක් වශයෙන් අවංකවම සතුටු විය යුතුය.

දැන් ඉතින් මේ ලක් පොළෝ තලයෙන් ගෑණු බුරි සදහටම තුරන් කල හැක.

මින් නොනැවතී ගෑණු ශරීරයෙන් අප සංස්කෘතිය ගලවා ගැනීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට ජනතාව වශයෙන් රටේ පාලකයන්ට අප බලකර සිටිය යුතුය. ඉදිරියට තැබූ පියවර ආපස්සට නොගත යුතුය.

ඊළඟ පියවර ලෙස සාරි හැට්ටයෙන් පහළ බඳ කොටස(බඩ) උපරිම ලෙස නිරාවරණය කල හැකි ප්‍රමාණයන් සම්බන්ධව නිර්දේශ ගෙන ආ හැකිය. නම් කරන ලද අඟල් ප්‍රමාණයකට වැඩියෙන් බඳ නිරාවරණය කිරීම තහනම් කොට නීති සම්පාදනය කල හැක(අඟල් ගණන පසුව විද්වත් මඬුල්ලකගේ සාකච්ඡා වලින් තීරණය කල හැකිය). පාසල් වලට ඇතුළු වන ගුරුවරියන්ගේ බඩවල් පේන ප්‍රමාණය මැනීමේ වගකීම පාසැලේ ආරක්ෂක නිලධාරී මහතුනට ලබා දිය හැකිය. සංස්කෘතියට ආදරේ කරන ඔවුන් කිසිදු පැකිලීමකින් තොරව මේ වගකීම ඉෂ්ඨ කරනු නොඅනුමානය.

බුරියෙන් සහ බඩෙන් අප සංස්කෘතිය බේරා ගත් පසු තනය සහ පශ්චාත්භාගය වෙත හැරිය හැක.

සාරි හැට්ට නිසා තන් ඉලිප්පී පෙනීම සභ්‍යත්වයට නුසුදුසු බැවින් (අසභ්‍යය බැවින්) එසේ ඇඳීම තහනම් කල යුතුය. සාරි හැට්ටය සිය තනේ ප්‍රමාණයට වඩා ලොකුවට මසා හැඳීම අනිවාර්‍ය කල යුතුය. පාසැල් ගුරුවරියන්ගේ තන් මැනීම සඳහා ඒ සඳහාම විෂය භාර (අන්දරේ වැනි) ගුරුමහතෙක් පත් කල යුතුය.

සාරි හැඳීමේදී කාන්තා පශ්චාත්භාග එතරම් කැපී නොපෙනෙන නිසා මෙම නීති මුළු සමාජයටම බලපවත්වන නුදුරු අනාගතයේදී ගෑණු පස්සවල් වලින් සංස්කෘතිය බේරා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳ විද්වත් සමාජ කතිකාවතක් සමාජය පුරා ආරම්භ කල හැක.

අරාබිකරයේ වෙසෙන ඉස්ලාම් අන්තවාදී සහෝදරයින් විසින් මෙවැනි ක්‍රම දැනටම ක්‍රියාත්මක කොට ඇති නිසා මේ ක්‍රමවේදයන්ගේ ප්‍රායෝගිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් පැන නඟින්නේ නැත.

අපරාධකාරයන්ට දඬුවම් දීම සහ ගෑණු ශරීර වලින් සදාචාරය බේරා ගැනීම වැනි කාරණා වලදී මෙතරම් අප හා සමාන අදහස් දරණ ඉස්ලාම් අන්තවාදී සහෝදරවරු සමඟ අපි නොහොඳ නෝක්කාඩුකම් ඇති කරගැනීමට හේතුව සමහර විටෙක සිතා ගැනීමට පවා අපහසුය.

ඇසේ ඇති වනචරකම පාලනය කර ගත නොහැකි නිසා කල යුත්තේ ඇහැ දකින දේ පාලනය කිරීමය. මන්ද, එසේ නොකලහොත් මේ රටේ වෙසෙන සතර පෝයටම සිල්ගන්නා බොහෝ පින්වතුන් ගණනකගේ සිල් බිඳී ගොස් ඇත්ත ස්වභාවය එළියට ඒමේ අවධානමක් තිබෙන නිසාය.

තමාගේ හිතට එන අසික්කිත හැඟීම් පාලනය කර ගන්නට බුද්ධියක් නැති නම්, බුද්ධියෙන් සිතනා මිනිසුන් වෙනුවට ශිෂ්ණයෙන් සිතනා මිනිසුන් සිටින සමාජයක් වේ නම් ඒ සමාජයේ පින්වත් බව බුරි වසා හෝ ආරක්ෂා කල යුතුය.

ගෑණුන්ගේ බුරි වලින් ආරක්ෂා කල යුතු, ආගම සහ සංස්කෘතියෙන් උත්කර්ෂවත් කරනු ලබන පින්වතා ගේ ‘පැවැත්ම’ තහවුරු කල හැක්කේ එලෙසින්ය.

සයිබර් ත්‍රස්තවාදයේ මීළඟ ගොදුර ඔබද?

collage-2015-11-09

මිනිස්සු විදිහට අපි හැමෝම අතින් වැරදි සිද්ධ වෙනව. අපි හැමෝම ජීවිතේ මෝඩකම් කරල තියෙනව. පස්සේ මතක් කරන්නවත් අකමැති අතපසු වීම් වෙලා තියෙනව. අපි කරල තියෙන සමහර දේවල් අමතක කරන්න, අනිත් අයගෙන් හංගන්න අපි හැම උත්සාහයක්ම ගන්නව, මොකද ඒවා ඒතරම්ම ලජ්ජාව දනවන දේවල් නිසා. මේවයින් සමහර වැරදි කලේ දැනුවත්වම. සමහර වැරදි කලේ නොදැනුවත්කම නිසා. පස්සේ කාලෙකදියි තේරුම් යන්නේ කරපු දේවල් වල හරි වැරැද්ද.

වැරදි නොකරපු, අතපසුවීම් නොකරපු, මෝඩකම් නොකරපු මනුස්සයෙක් ඉන්නවද?

ඔබ නව යොවුන් වියේ කරපු ඔබ වඩාත්ම පසුතැවිලි වෙන සිද්ධිය සිහියට ගන්න. එහෙම නැත්නම් ඔබ ඔබේ මව, පියා, සහෝදරයා/සහෝදරිය හරි පෙම්වතිය එක්ක හරි අඬදබර වුන සිද්ධියක්, යාලුවෝ එක්ක එකතු වෙලා පිස්සු නටපු වෙලාවක්… ඔබ සියල්ලන්ගෙන් සඟවන්න උත්සාහ කරන, ඔබට මනුස්සයෙක් විදිහට වැරදුන ඒ මොහොත මුළු සමාජයක් ඉදිරියේ හෙළි වෙලා ඔබව සමාජයේම හාස්‍යයට, උපහාසයට, වෛරයට, විවේචනයට, විනිශ්‍චයට ලක් වුනා නම් ඔබට කොහොම හැඟීමක් ඇති වෙයිද?

———————————————————————————————–

ඉතිහාසයේ පළවෙනි වතාවට මිනිස්සු තොරතුරු තාක්ෂණය අතින්, සන්නිවේදනය අතින් අතිශය දියුණු තත්වයකට ඇවිත්. සැතපුම් දහස් ගාණක් ඈතින් ඉන්න ලක්ෂ ගාණක් මිනිස්සු එක මොහොතින් එක් රැස් වෙන විශ්ව ගම්මානයක් බවට පත් වෙච්චි යුගයකට ඇවිත්. සැබෑ ලෝකය සහ ඩිජිටල් ලෝකය නමැති ලෝක දෙකක් තුළ මාරුවෙන් මාරුවට ජීවත් වෙන මිනිස්සු සීමා සහිත සැබෑ ජීවිතයේ නැති අසීමිත නිදහසක් සීමා රහිත ඩිජිටල් ලෝකයක් තුළ භුක්ති විඳින්න පටන් අරන්.

සීමා රහිත ඩිජිටල් ලෝකයක සීමා රහිත නිදහසක් භුක්ති විඳින ගමන් ඔවුන් ඩිජිටල් ලෝකයක් තුළ වැරදි  කරන්න අරගෙන. ඒ වැරදි කැමරා, ජනමාධ්‍යය, සමාජ ජාලා ඔස්සේ රූපමය විදිහට, හඬපට විදිහට, ඡායාරූප විදිහට, වචන විදිහට සයිබර්ගත වෙන්න අරගෙන.

ඒ අවකාශය තුළම කල්ලි ලෙස සංවිධානය වෙමින් ඒ වැරදි වලට දඬුවම් දෙන්න පටන් අරගෙන.

ඒ සියලුම දේවල් බොහෝ විට නැති කරන්න බැරි, වෙනස් කරන්න බැරි දත්ත විදිහට ගබඩාවෙන්න අරගෙන.

සමාජය විසින් සභ්‍යත්වය සහ ශිෂ්ඨත්වය කියන බැමි වලින් බැඳල තියෙන සැබෑ ජීවිතයේදී එළියට දාන්න බැරි අදහස් සයිබරය නම් වර්චුවල් රියැලටියේදී කිසිම බයක් සැකක් නැතුව නිදහස් කරල දාන්න මේ දෙපිරිසම පෙළඹිලා.

සැබෑ ජීවිතයේදී දැඩිලෙස විවේචනයට ලක් වෙන හැසිරීම් වල කිසිම බයක් සැකක් නැතුව සයිබරයේදී නිරත වෙන්නෙ ඒ අනුවයි.

සැබෑ ජීවිතයේදී එළියට දාන්න බැරි ආගම, වර්ගය, ලිංගිකත්වය වැනි දේ මත පදනම් වුන වෛරී අදහස් එළියට දාන්න සයිබරය තෝතැන්නක් කරගෙන. තමාගේ ඒ හිර වුන අසහනය මුදා හැරීමේ අරමුණින් මොබ් විදිහට කල්ලි ගැහිලා වර්චුවල් රියැලටියක් තුල අසස්සක් මුල්ලක් නෑර මිනිස් ගොදුරු හොය හොය සැරිසරන්න පටන් අරගෙන.

තමාගේ ජීවිතයේ සිද්ධ වුන වැරැද්දක්, අතපසුවීමක්, මෝඩකමක්, අවාසනාවන්ත සිද්ධියක් සිය කැමැත්තෙන් හරි නොදැනුවත්වම හරි සයිබයෙන් කෙළවර වුන ඒ වැරැද්දේ උරුමක්කාරයා හොය හොය යන්නේ වෘකයෙක් ගොදුරක් හොයා යනවා වගේ.

මහ පොළවෙදි කෙනෙක්ගේ මුහුණට කියන්න බැරුව හිර කරගෙන ඉන්න දේවල් වර්චුවල් රියැලටිය යොදාගෙන ඔවුන් නිදහස් කරගන්නවා. විශේෂයෙන්ම නළු නිළියන්, සැබෑ ජීවිතයේදී තමාගෙන් දුරස් වූ සමාජයේ කැපි පෙනන චරිත වටා රොක් වෙමින් සයිබරයේදී රිසි සේ තම සිතැඟි ඉෂ්ඨ කරගන්නවා.

කාලයකට පෙර තරුණ පිරිස් කණ්ඩායම් විදිහට හවසට ගමේ බෝක්කුවක් ළඟ එක් රැස් වෙලා එතැන පසුකර යන මිනිස්සුන්ට, කාන්තාවන්ට, තරුණියන්ට උසුළු විසුළු කලා වගේම ඒ අවශ්‍යතාවයම අද සමහර පිරිස් හවසට සයිබර් බෝක්කුවක කල්ලි ගැසී සිදු කරගන්නවා.

නමුත් සයිබර් බෝක්කුවෙන් මිනිස් ජීවිත වලට ඇතිකරන බලපෑම ලේසියෙන් නැති වෙලා යන එකක් නෙමේ.

සයිබරයේදී අදාල තැනැත්තා/තැනැත්තිය පීඩනයට පත් වෙන්නේ මුළු සමාජයක් ඉදිරියේ. ඔවුන් මුහුණ දෙන දේ දත්ත වශයෙන් ගබඩා වෙනවා. බොහෝ විට ජීවිත කාලයකටම. සයිබරයේ උසුළු විසුළු කරමින් ගන්නා සතුට මේ වෘක කල්ලි වලට තාවකාලික වුනත් පීඩනයට පත් වන පුද්ගලාගේ සැබෑ ජීවිතයට ඉන් ඇතිවන්නේ සුළුපටු බලපෑමක් නෙමේ.

———————————————————————————————–

collage

පසුගිය වසරේදී මුහුණු පොතේ සිය ඡායාරූපයක් පල වූ වරදට(?) තමාගේ පාසැලේ විදුහල්පතිතුමා විසින් මුළු පාසැල ඉදිරියේම ප්‍රසිද්ධියේ අපහාස කරල දඬුවම් කිරීම නිසා ඇති වුන ලැජ්ජාව සහ සිත් තැවුල හේතුවෙන් සියදිවි හානිකරගත් අහිංසක පාසැල් ශිෂ්‍යාව වෙනූෂා පිළිබඳ මතකය මෙතනදි අවධි කරන්න කැමතියි. ඒ අවස්ථාවේදී ඒ අසරණ දැරියට සිදුකල අසාධාරණය වෙනුවෙන් විදුහල්පති තුමාට එරෙහිව සමාජජාලා වල ක්‍රියාකාරීන් මහා හඬක් නැඟූබවද ඔබට මතක ඇති.

අහිංසක වෙනූෂාව ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කරපු, ඇයට අපහාස කරපු විදුහල්පතිට විරුද්ධ වුන ඒ සයිබරයේම, ඒ සයිබර් ක්‍රියාකාරීන්ම මිනිස් ගොදුරු අල්ලාගෙන සයිබරය නම් වේදිකාවට නග්ගල.. සමාජයම ඉදිරියේ ලැජ්ජාවට පත් කරල, අපහාස කරල, මිනිස් හප බවට පත් කරන එක සැබෑම උත්ප්‍රාසයක් නෙමේද? සැබෑම කුහක කමක් නෙමේද?

ඔවුන් සහ ඒ නරුම විදුහල්පතිගේ හැසිරීම වෙනස් වන්නේ කුමකින් ද?

සයිබර් කල්ලි වල උසුළු විසුළු සහ අපහාස නිසා දිවිතොරගත් වෙනූෂාලා ගැන විදෙස් රටවලින්
දැනටමත් වාර්තා වෙලා තියෙද්දි අපේ හැසිරීම් ගැන සහ අපේ හැසිරීම් වෙනත් මිනිස් ජීවිත වලට එල්ල කරන බලපෑම් ගැන මීට වඩා සෑහෙන වගකීමකින් කටයුතු කල යුතුයි.

සයිබරයේදී කල්ලි ගැහෙමින් අනිත් මිනිස්සුන්ව අපහාසයට ලක් කිරීම, ලජ්ජාවට පත් කිරීම විනෝදාංශයක් කරගත්, ඒත් හිතන්නට සිහි බුද්ධියක් තවමත් ඉතිරි වෙලා තියෙන අය තමාගේ ක්‍රියාකලාපය ගැන වරක් දෙවරක් නෙමේ සියවරක් සිතාබලන්න ඕනෙ.

මොකද තමාගේ පහත් වින්දනයේ මිල කවදා හරි අහිංසක මිනිස් ජීවිතකට ගෙවන්න සිද්ද වීමේ ඉඩක් තියෙන නිසා.

ඒවගේම තමාගේ හැසිරීම් නිසා අනිත් අයගේ ජීවිත වලට වෙන බලපෑමේ හරි වැරැද්ද ගැන සිතා බලන්න බුද්ධිය මුහුකුරා නොගිය මන්ද බුද්ධිකයන්ගේ මේ සයිබර් කල්ලිවාදයට එරෙහිව සියලුම සයිබර් ක්‍රියාකාරීන් පෙළ ගැසිය යුතුයි.

එහෙම නැතිනම් සයිබර් ක්‍රියාකාරීන් වෙච්චි අපට වෙන්නෙ මේ කාලකණ්ණි විනෝදය නිසා ආයේ නිවැරදි කරන්න බැති වැරැද්දක් වුනයින් පස්සෙ ඒ ගැන කවි, රචනා, සටහන් ලියන්න.

අශ්වයා පැනගියයින් පසු සේදලය වසා පලක් නැහැ.

එනිසා සයිබරය නැමති දැලි පිහියෙන් සෙල්ලම් කරන මෙම වඳුරන්ට එරෙහිවීමේ වැදගත්කම පරක්කු වෙන්න කලින් සියල්ලන් තේරුම් ගත යුතුයි.

කුණුහරප දුටු විට සුළු දිය පහ වෙන රෝස කැලෙන් ගෙනා බබ්බු

TupacMiddleFinger

සෑහෙන කාලයක සිට වාද විවාදයට බඳුන් වන සමාජ ජාලා වලදී කුණුහරප හෙවත් අසැබි වදන් භාවිතය පිළිබඳව ලියන්නාගේ අදහස් මෙසේය.

මුහුණු පොත සහ බ්ලොග් අවකාශය ඇතුලු සමාජජාලා වලදී ඇතිවන සංවාද සහ කතිකාවත් ටයි කෝට් දමාගත් මහත්වරුන් ඒසී කල කාමර වල සිට කරනා සංවාද වලට සමාන විය යුතු නැත. සමාජ ජාලා වල කෙරෙන සංවාද වල වටිනාකම රැඳී තිබෙන්නේ එහි ඇතිවන සංවාද ඒසී කාමර වල ටයි කෝට් සම්ප්‍රදායෙන් වෙනස් වනතාක්ය.

අව්‍යාජ බව, අවංක බව, සෘජු අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව, සාපේක්ෂව ඉතා අඩු සීමා වලින් බැඳුනු අවකාශයක ඕනෑම සමාජ මට්ටමක සහ බුද්ධිමට්ටමක අයවලුන්ට තම අදහස් අන්‍යයන් සමඟ බෙදාගැන්මට තිබෙන හැකියාව වැනි ඒසී කාමර වල මහත්වරුන්ගේ සංවාද වලදී නොමැති එහෙත් සමාජ ජාලා හෙවත් සයිබරයේ ඇති දේ නිසා එහි වටිනාකම සුළුකොට තැකිය හැකි නොවේ.

එය එසේ තිබියදී කවුරුන් හෝ ඒ.සී කාමර වල තිබෙන කොන්දේසි, සීමා සහ ඊනියා සදාචාරයක් සයිබරයට ගෙන ඒමට තනනවා නම් ඒ කවුරුන්ට හෝ කීමට ඇත්තේ කරුණාකර ටයි පොල්ලක් දාගෙන ඒ.සී කාමරයක් ඇතුළට රිංගා ගන්නා ලෙසය.

සමාජ ජාලා ගැන ලියන්නා දුටු හොඳම විග්‍රහය ඉදිරිපත් කර තිබුනේ කාලයක් මුළුල්ලේ බ්ලොග් ලියන්නකු වන මයියා ය. ලියන්නා එම විග්‍රහය ඔහු දුටු හොඳම විග්‍රහය ලෙස නම් කරන්නේ එහි ඇති සරල බව හේතු කරගෙනය.

අප කවුරුත් අසා ඇති ප්‍රසිද්ධ කථාවක් තුළට මයියා විසින් සමාජ ජාලා අපූරුවට ගලපා තිබුනි.

ඔහු විසින් සමාජ ජාලා සසඳා තිබුනේ බුද්ධිමතුන්ට විතරක් පෙනෙන සළුවක් හැඳගෙන යයි සිතා හෙළුවෙන් යන රජතුමා දෙස සියල්ලන් නිහඬව බලා සිටියදී සිය අවංක හැඟීම කෑගසා කියූ කුඩා දරුවාටය.

මේ සටහන ලියන මම සහ කියවන ඔබ ඇතුළු බහුතරයක් සයිබර් ක්‍රියාකාරීන් නියෝජනය කරන්නේ ඒ කුඩා දරුවාගේ හඬයි !

ඒ කුඩා දරුවාට තිබෙන නිදහස, අප විසින්ම අනවශ්‍ය සීමා මායිම් දමා නැතිකර ගතහොත් වරදින්නේ වෙන කිසිවෙකුට නොව, අපටමය.

එනමුත් මේ අවකාශයේ ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් කීමට, කිරීමට හෝ රිසි අයුරින් හිතුමතේ හැසිරීමට ඉඩ ලැබිය යුතු බව ඉන් කියවෙන්නේ නැත. පැහැදිළිවම නැත.

කෙනෙක්ගේ නිදහසේ සීමාව අවසන් වන්නේ අනෙකාගේ නිදහස පටන් ගන්නා තැනින් යයි ප්‍රසිද්ධ කියමනක් ඇත. ඒ කියමන සිතේ තබා ක්‍රියාකල හැකි නම් ප්‍රමාණවත්ය.

ලෝකය වෙනස් කරන්න කතා කරන, ලෝකේ නැති දර්ශනවාදී සංවාද වල නියැලෙන අප සයිබර් ක්‍රියාකාරීන් හට එම සරල කරුණ වටහා ගැන්ම අපහසු වේ යැයි සිතිය නොහැක.

සමහර පිරිස් දුටු පමණින් ඌයියා කිරීමට සමත් අසැබි වදන් හෙවත් කුණුහරප ගැනත් යමක් සඳහන් කල යුතුය.

අසැබි වදන් හෙවත් කුණුහරප යනු සරලවම ගතහොත් සමාජයක අසභ්‍යය යැයි සම්මත වුන වචනය. කාලයෙන් කාලයට ඒ අසැබි ලෙස සම්මත වචන වෙනස් වන අතර කාලයෙන් කාලයට ඒ වචන යොදාගන්නා ආකාරද වෙනස් වේ. පරිනාමය වේ.

සයිබර් ක්‍රියාකාරීන් විසින් මුහුණු පොත තුළදී, බ්ලොග් අවකාශයේදී කතා කරන්නේ සමාජයේම එදිනෙදා අහන්නට දකින්නට තිබෙන ප්‍රායෝගික දේවල් නම්, ඒ දේවල් නිදහසේ කතා කිරීමට නොහැකි තත්වයක් තුළ සමාජජාලා වල ඇති ඵලය කුමක්ද? පාරට බැස පැයක් දෙකක් ඇවිද ආ පසු අහන්න තිබෙන, දකින්න තිබෙන දේවල් සහ ඒවායේ හරි වැරැද්ද පිළිබඳව වාරණයකින් තොරව සාකච්ඡා කල නොහැකි නම් මේ මුහුණු පොත්, බ්ලොග් කොස් කොටන්නද?

අපි අපිවම රවට්ටා ගත යුතුද?

සමාජයේ ඇති අසූචි, ගූ බෙටි එකතු කොට සුදු සළුවලින් එතූ පමණින් ඒ අසූචි වලින් සුවඳ හමන්න ගනීවිද?

අපි අයින් කරමු සුදු සළුව. දිග අරිමු සමාජයේම හෙළුව. මේක අපේ අවකාශය. අපිම නීති දාලා, බොරු සළු ඔතාගෙන, සමාජයේ නැති සදාචාරයක් මෙතනට ආරෝපනය කරගත්ත රෝස කැලෙන් ගෙනාපු බබ්බු නොවී අවංක වෙමු අපි අපිටම !

සමාජයේදී කාන්තාවට හුත්ති කියනවා නම්, වේසි කියනවා නම්, බඩුව කියනවා නම්, එහි හරි වැරැද්ද ඒ වචන භාවිතා නොකර කථා කරන්නට හැකිද?

ගෑණුන්ට හුත්ති, වේසි, බඩුව කියන සමාජයක ඉන්න අපි මෙතන ඇවිත් මහත්මිය, මෙනවිය කිව්වාම හරි ආතල් ද? චූන් ද?  නගිනවද? ( උදාහරණයක් පමණි. ඇඟිල්ල දෙස නොබලා හඳ දෙස බලන්න)

කරුණු එසේ වුවත් නිදහස සහ වල්බූරු නිදහස පටලවා නොගත යුතුය. කුණුහරපයක පවා හරි වැරැද්ද තීරණය කල යුත්තේ බුද්ධිමත්වය. අදාල context එක සලකා බලාය. යම් හැඟීමක් ප්‍රකාශ කිරීමට අසැබි යැයි සම්මත වචනයක් යොදා ගැනීම සහ පුද්ගලයෙක්ට අපහාසයක් හෝ ඔහුගේ/ඇයගේ චරිතය ඝාතනය කිරීමේ අරමුණින් අසම්මත යැයි සම්මත වචනයන් යොදා ගැනීම යනු දෙකක් මිස, එකක් නොවේ.

විය යුත්තේ කුණුහරප වලින් සමාජ ජාලා ආරක්ෂා කිරීම නොව, පුද්ගල අපහාස සහ චරිත ඝාතන නැවැත්වීමය. සදාචාරය යනු එය මිසක ‘වචන’ වලට තහංචි දමාගෙන දැඟලීම නොවේ.

කුණුහරප යොදාගෙන වැදගත් මෙන්ම හරවත් සටහනක් ලිවිය හැකි සේම සමාජයේ සභ්‍යය යැති සම්මත වචන යොදාගෙන අමු කුණුහරපයක් ලිවිය හැකිය. එසේම කුණුහරපයක් යොදාගෙන තමාගේ මිතුරාට තම හැඟීම් ප්‍රකාශ කල හැකි සේම එක් කුණුහරපයක් වත් යොදා නොගෙන මුහුණු පොතේ හෝ බ්ලොග් අවකාශයේ මනුස්සයෙක්ව නැතිම කර දැමීමත් කල හැක්කකි.

මේ කරුණ නොවැටහෙන යමෙක් වැඩිහිටියන් අතර කෙරෙන සංවාද වලට සුදුසුද? වැඩිහිටියන් අතර සංවාද විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ මත පල කිරීමට සුදුසුද?

එය කියවන්නා හමුවේ මා තබන පැනයයි.

කුණුහරප දැක්කම ඇස් දෙක ඌයියා වෙලා සුළුදිය පහවෙන චූටි බබාලා හෝ, ජීවිතේට මහ පොළවට බැහැල නැති සැබෑ ලෝකේ තිත්ත දැනිල නැති දූවිලි ඇඟේ වැදිල නැති කුණුහරප අහල නැති ලේ දැකල නැති තොත්ත බබ්බු වැඩිහිටියන් අතර කෙරෙන සමාජීය, සංකෘතික, දේශපාලනික සංවාද වලට සුදුසු නැත.

කීමට ඇත්තේ එපමණය.

Power and Forgiveness

Amon Goeth: Control is power.
 
Oskar Schindler: Is that why they fear us ?
 
Amon Goeth: We have the power to kill, that’s why they fear us.
 
Oskar Schindler: They fear us because we have the power to kill arbitrarily. A man commits a crime, he should know better. We have him killed, we feel good about it. Or we kill ourselves and we feel even better. That’s not power though. That’s justice, It’s different than power.
 
Power is when we have every justification to kill, and we don’t.
 
Amon Goeth: You think that’s power?
 
Oskar Schindler: That’s what the Emperor said. A man steals something, he’s brought in before the Emperor, he throws himself down on the ground. He begs for his life, he knows he’s going to die. And the Emperor… pardons him. This worthless man, he lets him go.
 
Amon Goeth: I think you are drunk.
 
Oskar Schindler: That’s power, Amon. That is power.
 
( Schindler’s List – 1993)

ගුටි දීම, ගුටි කෑම, ගුටි බැලීම

12193333_10153250009616167_9042787497963316946_n

“මාර ට්‍රැෆික් එකක් නෙ. බස් එක දැන් පැයක් විතර එකම තැන. ඒ මදිවට කට කපල මිනිස්සු පුරෝල බස් එකේ”

“ඒක තමා, ඉස්සරහ ඇක්සිඩන්ට් එකක්ද දන්නෙ නෑ”

“මෙච්චර වෙලා ? “

“පාර බ්ලොක් වෙලා තියෙන්නෙද? ඉස්සරහා උද්ඝෝෂණයක් ලු. කැම්පස් එකේ ළමයින්ගෙ”

“අප්පෝ. නොදකින්. දැන් ඉතින් දවසම ඉවරයි. හරිම අමාරුවෙන් බොසාට වැඳල වැඳල නිවාඩුවක් දාගෙන කොළඹ ආවේ. හදිසි වැඩක් කරගන්න. නොදෝකින් කාලකණ්ණි හැත්ත”

“මුංට ඉතින් හැමදාම උද්ඝෝෂණ. අම්මලා තාත්තලාගේ සල්ලි අරන් ගිහින් ඉගෙන ගන්නෙ නැතුව උද්ඝෝෂණ කර කර ඉන්නවා. අනේ මෙහෙමත් ළමයි”

“ඒ… ඒ.. කවුරු හරි අර ගෑණු ළමයට සීට් එකක් දෙන්න.. ඒ ළමයා කලන්තෙ දාන්න වගේ”

“මුංට හෙන ගහනවා මේ අපි වගේ පැත්තක ඉන්න මිනිස්සුන්ට දෙන වද වලට. ප්‍රශ්න තියෙන්නෙ මුංට විතරද? අනිත් මිනිස්සුන්ට ප්‍රශ්න නැද්ද? මුං නිසා අපිට වෙන අසාධාරණේට කවුද කතා කරන්නෙ. කාලකණ්ණි”

“අද මේ වැඩේ කරන්න බැරි වුනොත් ආයේ මාස දෙකක් යනකම් බොසා ගෙන් නිමාඩුවක් නම් ගන්න වෙන්නෙ නෑ”

“පොඩ්ඩක් ඉන්න දැන් හරියයි. පොලිසිය පාර බ්ලොක් කරල තියෙන්නෙ. ඉක්මනට විසිරුවා හරියොත් හොඳයි. “

——————————————————————————————-

“හෙට උද්ඝෝෂණේට එනව නේද?”

“ඔව් ඉතින් එහෙමවත් කරල බලමු මොකද වෙන්නෙ කියල”

“හ්ම්ම්.. ගෙදර තත්වෙ එන්න එන්නම නරක අතට හැරෙනවා. තාත්තගෙ අසනීපෙ දැන් තිබ්බටත් වඩා දරුණුයි. හොඳ අතට හැරෙන පාටක් නෑ. එයා වැඩට යන්නෙත් නෑ දැන්. කොච්චර හීන තියාගෙනද පාඩම් කලේ. මෙච්චර කල් ඉගෙන ගත්ත දෙයින් වැඩක් නැති උනොත් වහ කන්න තමා වෙන්නෙ.”

“බයවෙන්න එපා. අසේල අයියා කිව්ව හෙට උද්ඝෝෂණේට එන්න. ඇවිත් කතා වුන විදිහට වැඩේ කලාම ඔක්කොම හරි යයි කියල. සටන් නොකර අයිතීන් දිනාගන්න බෑලුනෙ”

“ඒක ඇත්ත ඉතින්. මෙහෙමවත් දෙයක් කලේ නැත්නම් කාටද අපි වගේ මිනිස්සු ඉන්නව කියලවත් මතක?”

——————————————————————————————-

“වැඩේ හරිනෙ”

” ඔක්කොම හරි. කොල්ලො ටික ලෑස්තියි හෙට උදෙන්ම වැඩේ පටන් ගන්න. බාගෙට බාගයක් කොල්ලො උන්ගෙ කෙල්ලන්වත් එක්කගෙන එන්නෙ. එතකොට කට්ටිය තවත් වැඩිවෙනවා”

“නියමයි. කොල්ලන්ට ප්‍රශ්න තියෙනවා. සාධාරණ ප්‍රශ්න. ඒවා වෙනුවෙන් උදව් කරලා තමා අපි අපේ පක්ෂෙ ගොඩදාගන්න ඕනි. අපිට පොඩි හරි පදනමක් තියෙන්නෙ ඔය කැම්පස් කොල්ලො කෙල්ලන්ගෙ අතරෙ විතරයි. ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න ඕනි. “

“ඔව් ඔව්”

“අපිට කරන්න පුළුවන් දේ අලුත් ආණ්ඩුවටත් පොඩ්ඩක් මතක් කරන්න ඕනි. නැත්නම් අපි ඉන්නව කියලත් අමතක වෙනවනේ මුංට”

“හෙට වැඩේට ලොකු එටෙන්ෂන් එකක් ගන්න පුළුවන් වුනොත් ගොඩම තමා. කඳුළු ගෑස් ගහන තත්වෙට ආවොත් වැඩේ සාර්ථකයි කියන්න පුළුවන්. බැටන් ඇටෑක් එකකට ආවොත් නම් ඉතින්….”

——————————————————————————————-

“සර්. කොල්ලො ටික එන්න එන්නම ඉස්සරහට එනවා. එහා පාරෙ මාර ට්‍රැෆික් එකක්. මොකද කරන්නෙ?”

“පොඩ්ඩක් ඉන්නවකො අයිසෙ.”

“සර් ඕඩර් එක ආව ගමන් කියන්නකො. දෙන්නම් පොරි හැලෙන්න”

“යකෝ ගහන එක එහෙම ලේසි නෑ. කොහොම හරි මේක ගොඩින් බේරලා විසුරුවන්න බලමු. මීඩියා එකෙනුත් ඔක්කොම ඇවිත් ඉන්නෙ. ගැහැව්වොත් විසුමක් වෙන්නෙ නෑ දන්නවනෙ. අපිමයි කරදරේ වැටෙන්නෙ. කොහොම හරි කඳුළු ගෑස් වලින් නවත්ත ගන්නයි ඕඩර් එක ඇවිත් තියෙන්නෙ”

“ඕකේ සර්. මගෙ නම් ඇඟ නලියනවා මුංට දෙකක් අනින්න. බලන්නෙපෑ මේ පර බැල්ලියන්ගෙ සැර. මුං කොල්ලන්ට හපං

“උඹල පිස්සු කෙළින්න එපා. නැති ලෙඩ දාගන්න එපා මේ කාළකණ්ණින්ට ගහලා. කරන්නම දෙයක් නැති වුනොත් ඕඩර් එක එයි. එතකොට ඉතින් ගහනව ඇර කරන්න දෙයක් නෑ.”

“සර්.. කඳුළු ගෑසුත් ගැහැව්වා.. හරියන්නේ නෑ සර්. මුන් බැරියර් කඩාගෙන ඉස්සරහට එන්න යන්නෙ.. මොකද කරන්නෙ?

“කරන්න දෙයක් නෑ. මම නම් කැමති නෑ මුංට ගහල නැති ලෙඩ දාගන්න. ඒත් මොනව කරන්නද? බලමු. ලොක්ක කියන දේනෙ බං අපි කරන්නෙ”

විනාඩි 40කට පමණ පසු..

“හරි ඕඩරේ ආවා. කරන්න දෙයක් නෑ. බැටන් ඇටෑක් එකකට යන්න වෙනවා”

“ඒ කියන්නෙ හරිද?”

“ඔව් වෙන කරන්න දෙයක් නෑ”

“ඕඩරේ ආවා. ගනින් බැටන් පොළු. අද දෙන්නේ කැරි බල්ලන්ට අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න.!@#$%^&*()(&^%$#@“”

සේයාගෙන් පසු..

දරුවන් පණ මෙන් සුරකිමු තේමාව යටතේ සංවිධානය කෙරුනු පාගමනක් විවේචනය කරමින් මාතලන් ලියූ කදිම සටහනක් කියවූ පසු එහි මතුවූ වටිනා අදහස් කිහිපයක් ගැන මගේ අදහස් ස්වල්පයක්ද එකතු කිරීමට සිත් විය.

සංවිධානය කෙරුන පාගමන ගැන මාතලන් සඳහන් කොට තිබූ කරුණු කාරණා වලට සම්පූර්ණයෙන්ම එකඟ වෙමි. මාතලන් සඳහන් කොට තිබුනා සේම ඡායාරූපයේ පොලිසිය නියෝජනය කරමින් සිටිනා නිළධාරියා නිසාම එහි අර්ථශුන්‍යය බව ඉස්මතුවී ඉතිරි කරන්නේ උත්ප්‍රාසයක්ම පමණි.

ලක්ෂ ගණනින් මුදල් වියදම් කර පාගමන් සංවිධානය කල යුත්තේ යම් දෙයක් ගැන සමාජයේ අවධානයක් (awareness) ඇති කිරීමටය. දැනටමත් සමාජයේ අවධානය යොමුව ඇති හඳුනා ගත් ප්‍රශ්නයක් වේ නම් කල යුත්තේ එයට විසඳුම් සෙවීම මිස අත් අල්ලන් පාර දිගේ බඩගෑම නොවේ.

සේයා මේ රටේ සියලුම දෙනාගේ රෙදි ගැලෙව්වේය කියා මාතලන් කියනා කතාව මසුරන්ය. රටක් වශයෙන් ලෝකයේ අප සිටිනා තැන ගැන අපටම ඇගයීමක් කර ගැන්මට ලැබුන කදිම අවස්ථාවකි, සේයා දැරියගේ ඝාතනය සහ එම සිද්ධියට අප ජනසමාජයක් වශයෙන් ප්‍රතිචාර දැක්වූ ආකාරය.

සේයාගේ ඝාතනය හරහා සෘජුව කතා කෙරුනේ ළමා අපචාර සම්බන්ධවය.

මේ ගැන කල සොයා බැලීමකට පසු මා දැනගත් පරිදි Pedophilia යනු බොහෝ විට උපතින්ම හිමිවන සුව කල නොහැකි මානසික තත්වයකි(වැරදි නම් නිවැරදි කරන්න). එසේ වුවද මානසික වෛද්‍ය උපදේශන මඟින් Pedophilia මානසික තත්වයේ සිටින පුද්ගලයින්ට ඇතිවන හැඟීම් පාලනය කිරීමට ආධාර ලබා දිය හැකි බවද සඳහන්ය.

සේයාගේ මරණයට සමාජයක් වශයෙන් අප දැක්වූ ප්‍රතිචාරයෙන් පසු ගැටළුව විසඳීමට ඇති තවත් මාර්ගයක් අප විසින්ම අවහිර කරගත් බව පෙනේ.

ඒ මානසික උපදේශන මඟින්ම පාලනය කල යුතු මානසික තත්වයකින් පෙළෙන පුද්ගලයෙක් තව දුරටත් වෛද්‍යවරයෙක් හෝ වෙනත් පුද්ගලයෙක් ඉදිරියේ තමා සිටිනා තත්වය හෙළි කිරීමට සූදානම් වේද යන්න සැකසහිත නිසාය.

විශේෂයෙන්ම ළමා අපචාරකයින්ව ගාලු මුවදොර පිටියට ගෙනවිත් සියල්ලන් ඉදිරියේ පණ පිටින් හම ගැසිය යුතු යැයි සිතනා සමාජයක් ඉදිරියේ ඔවුන් තව තවත් සැඟවී සිටීමට උත්සාහ කරනු විනා ඉදිරියට පැමිණ තම වෛද්‍ය සහය ලබා ගැන්මට පෙළඹේ යැයි සිතිය නොහැක.

අවසානයේ මෙසේ සැඟවී යන හානිකර ලිංගික ආශා පිටව යන්නේ තවත් අහිංසක ළමා ජීවිතයක් විනාශ කරගෙන විය හැක.

එනයින් ගත් කල ද්වේෂ සහගත මානසිකත්වයෙන් මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමට ගොස් අප විසින් ප්‍රශ්නය තවත් උග්‍රකර ගත්තා දැයි සිතේ.

ජනසමාජයක අනාගතය නියෝජනය කරන ළමා පරපුර එම සමාජයේම වැඩිහිටියන්ගේ ලිංගික අතකොළු බවට පත් වීමට එරෙහිව අප සියල්ලන් කටයුතු කල යුතු බවට විවාදයක් නැත.

නමුත් එම විරෝධය පැමිණිය යුත්තේ කොන්දේසි රහිතව මිස කොන්දේසි සහිතව නොවේ.

උදාහරණයකට ආගමික ස්ථාන වල සිදුවේ යැයි කියන ළමා අපචාර වලටද සේයාගේ අපචාරයට දැක්වූ විරෝධයම එල්ල විය යුතුය.

අපගේ දේශපාලනික, ආගමික, මානසික උවමනා එපාකම් වෙනුවෙන් වැඩිහිටියන්ට ළමයින්ව අපචාරයට ලක් කිරීමට ඉඩදෙන සමාජ ක්‍රමයක් ආරක්ෂා කරන ගමන් තැනින් තැන සිදුවන එවැනිම සිද්ධි වලට එරෙහිව සරම කරට ගැනීමෙන් තහවුරු වන්නේ අප කන්න වුනාම කබරයා තලගොයා කරගන්නා කුහකයන් පිරිසක් බව පමණකි.

ලිංගිකව පමණක් නොව ශාරීරිකව සහ මානසිකවද පාසැලේදී, ආගමික ස්ථානවල මෙන්ම දෙමාපියන් අතින්ද වන ළමා අපචාර ගැන සමාජයක් වශයෙන් මීට වඩා සංවේදී විය යුතුය.

අප ජීවත් වන, මතවාදීමය වශයෙන් අප විසින් රකිනා සමාජ ක්‍රමය පිළිබඳව අප තව තවත් ප්‍රශ්න කල යුතුය.

අප රටේ ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර සිදුවීම යථාර්තයක් බවත් සමාජයක් වශයෙන් මේ ගැටළු වලට කඩිනමින් විසඳුම් සෙවිය යුතු බවත් අඩුම තරමේ තේරුම් ගෙන සිටීම සතුටුදායකය.

අවසාන වශයෙන් සඳහන් කල යුත්තේ ලිංගිකත්වය හා බැඳෙන මෙම අපරාධ දිගින් දිගටම සිදු වීමෙන් අවසානයේ ඉතිරි කරන්නේ අප සමාජයක් වශයෙන් ලිංගිකත්වය ගැන දරණ ආකල්ප පිළිබඳ ප්‍රශ්නාර්ථයක් බවය.

DSC_7991